custom_html_banner1
දේශීය පුවත්

ගාල්ල, මාතර හා කුරුණෑගලට කොවිඩ් එන්නත් අද සිට – යුද හමුදාපති

custom_html_banner1
Spread the love

ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශයන්හී කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන අද සිට(27) අරඹන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම වැඩපිළිවෙළ සිදු කරනුයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිර්දේශ මත බවද හෙතෙම කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය බහුලව ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී සෙසු දිස්ත්‍රික්කවලත් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සදහන් කළේය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button