custom_html_banner1
දේශීය පුවත්

සංචරණ සීමා විහිළුවට ගන්න එපා – කොවිඩ් රාජ්‍ය ඇමතිනී ජනතාවගෙන් ඉල්ලයි

custom_html_banner1
Spread the love

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් යම් යම් සීමාවන් පැනවූ විට එම සීමාවන්ට උසුළු විසුළු කරමින් විපක්‍ෂයේ ඇතැමුන් ක්‍රියාකිරීම කනගාටුවට කරුණක් බවත් වගකිව යුතු විපක්‍ෂයක් හැසිරෙන්නේ මෙසේද කියාත් තමා විපක්‍ෂයෙන් විමසන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

සංචරණ සීමා ලිහිල් කළ විට ජනතාවට ළඟම තිබෙන වෙළෙඳසල්වලට පාගමනින් යන ලෙසට ඉල්ලීමක් කළේ ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතා බවත් එම තීරණය විපක්‍ෂයේ ඇතැමුන් විහිළුවට ලක්කිරීම කනගාටුවට කරුණක් බවත් ලෝක වසංගතයක් සමඟ විපක්‍ෂයේ ඇතැමුන් දේශපාලනයේ නිරතවීම ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන බවද රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

නවසීලන්තය, චීනය, ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල සංචරණ සීමා ක්‍රියාත්මක කරන විට ඒ රටවල විපක්‍ෂය මේ ආකාරයට විහිළු තහළු සපයමින් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් නොකළ බවද රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button