custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

X-Press Pearl නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

custom_html_banner1
Spread the love

MV X-Press Pearl නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුව තිබේ.

නෞකාව ගිනි ගැනීම හේතුවෙන් තුවාල ලැබූ එහි සේවය කළ ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු පසුගිය දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඉන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරුව ඇත.

එම පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ තිබුණු අතර එහිදී ඔවුන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු නොවුණ ද පෞද්ගලික රෝහලකට ඔවුන් මාරු කර යැවීමෙන් අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් එක් පුද්ගලයෙකු ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු mawbima.lk වෙබ් අඩවියට පැවසීය.

ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button