custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

වෙරළ තීරයට එන කිසිදෙයක් අල්ලන්න එපා – කොළඹ සහ මීගමුව ජනතාවට දැනුම්දීමක්

custom_html_banner1
Spread the love

කොළඹ වරායට ආසන්න මුහුදේ ගි නි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙයි. මෙම නෞකාවේ සිදුවූ පි පි රී ම ත් සමග කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වේ.

එම කන්ටේනර් තුළ පි පි රී ම ට ලක්විය හැකි ද්‍රව්‍ය අඩංගු බැවින් එය ඉතාමත්ම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගින්න වර්ධනයවීමත් සමගම නෞකාවේ සුළු පිපිරීම් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් බහාලුම් ඇතුළු වෙනත් අබලි ද්‍රව්‍ය මුහුදට එක්වී ඇත.

කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි. මේ අතර නෞකාවේ පවතින ගින්න පාලනය කිරීමට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද යොමුකර ඇත.

ඒ සඳහා ටග් යාත්‍රාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රාවක් සහ ඩෝනියර් ගුවන් යානාවක් ද යොමුකර තිබේ. නාවික හමුදාව සඳහන් කරන්නේ, නෞකාවේ ඉදිරිපස ඇතිවූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බවය.

පවතින දැඩි සුළං ප්‍රවාහය ගි න්න තවත් වර්ධනයවීමට හේතුවී තිබේ.

මේ වනවිට නෞකාවේ සිටි කාර්යමණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද නාවික හමුදාව පවසයි.

custom_html_banner1

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button