custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

ගිය අවුරුද්දෙ මාස දෙකහමාරක් රට වැහුවා, කවුරුවත් බඩගින්නෙ මැරු’නද නෑනෙ – බැසිල්ට බයේ හැංගිලා හිටපු ගම්මන්පිල ආයෙත් එලියට

custom_html_banner1
Spread the love

කොරෝනා වසංගත අභියෝගය ජය ගැනීමට නම් ජනතාවද යම් යම් කැපකිරීම් සිදුකළ යුතු බවත්, දුෂ්කරතාවලට මුහුණදීමට සූදානම් වියයුතු බවත් සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසනවා. ඒ නිසා සංචරණ සීමා, ඇඳිරි නීතිය වැනි සීමා කිරීම් හමුවේ අපහසුතා විඳදරා ගැනීමට ජනතාව සූදානම් වියයුතු බවද ඇමතිවරයා පවසනවා.

කොපමණ දුෂ්කරතා විඳීමට සිදු වුවද එය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මරණ බිය තරම් භයානක නොවන බව ජනතාව තේරුම් ගතයුතු බවද ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සංචරණ සීමා පැණවීම හා ඉවත් කිරීමට අදාලව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ කරුණු සඳහන් කළේය.

ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය වසරේදී මාස දෙක හමාරකට ආසන්න කාලයක් කිසිදු ලිහිල් කිරීමකින් තොරව රට වසාදමා තිබියදී රටේ කිසිවෙකුත් බඩගින්න නිසා මියගිය බවට වාර්තා නොවූ බවයි. ඒ නිසා වසංගත මර්දනය කිරීම සඳහා ආණ්ඩුව පනවන සීමා හේතුවෙන් ඇතිවන දුෂ්කරතා විඳදරා ගනිමින් අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීම ජනතාවගේ වගකීම බවද ඔහු පෙන්වා දෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button