custom_html_banner1
දේශීය පුවත්

GMOA වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල බල්ලන්ට විතරයි එන්නත් දීලා නැත්තෙ – මුරුත්තෙට්ටුවේ හිමි

custom_html_banner1
Spread the love

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවිධිමත්, අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් කොවිඩ් වසංගත මර්දනය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය කරන දේ ලේකම්වරයා නොදන්නා බවත්, ලේකම්වරයා කරන දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නා බවත් පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා කරන දේ ඊට පහළින් සිටින නිළධාරීන් නොදන්නා බවයි.

මෙම තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය යනු ලෙඩ සුව කරන තැනක් නොව ලෙඩ බෝ කරන තැනක් බවට පත්ව ඇති බවද මුරුත්තෙට්ටුවේ හිමි පවසනවා.

මෙවැනි ව්‍යාකූල තත්වයක් ඇතිව තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නිසා බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අදූරදර්ශී, පහත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින්ම තමා වෙත දැනුම් දී ඇති බවත් මුරුත්තෙට්ටුවේ හිමි පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමයෙන් දැඩි බලපෑමක් සිදුවන බවත්, එම සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාටම එන්නත් ලබා දී ඇති බවත් ආනන්ද හිමි සඳහන් කරනවා. ‘මේ වෙනකොට එන්නත් දීලා නැත්තේ ර‍ජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලනට විතරයි’ යනුවෙන් ආනන්ද හිමි පවසනවා.

‘මේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඇහුවම එයා කියන්නෙ එහෙම දෙයක් නෑ කියලා. වසංගතය බරපතල ලෙස ව්‍යාප්ත වෙලා තියන බස්නාහිර පළාතෙ සියලුම සෞඛ්‍ය සේවකයන්ට, එයාලගෙ පවුල්වල අයට එන්නත් දෙන්න තමයි තීරණය කරලා තියෙන්නෙ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ තීරණය අවභාවිතා කරලා ලංකාව පුරා එයාලගෙ සංගමයෙ සාමාජිකයන්ගෙ පවුල්වල අයට එන්නත් ගහගන්නවා.

දැං ඉතිං අපිට කියන්න තියෙන්නෙ වෛද්‍යවරුන්ගෙන් හැමදේම කරගන්න කියලා අනිත් සෞඛ්‍ය සේවකයන් රෝහල්වලින් ඉවත් කරනවා කියලා තමයි. එතකොට බලන්න පුලුවන් මෙයාලා වැඩ කරන හැටි.’ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කරනවා.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button