custom_html_banner1
දේශීය පුවත්

වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් 260කට නිදහස – නිදහස් කරන පිරිසෙන් එක් අයෙක් කාන්තාවක්

custom_html_banner1
Spread the love

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ සිරකරුවන් 53 දෙනකු ඇතුළු රැඳවූවන් 280 දෙනකු අද (26)ට යෙදී ඇති වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් නිදහස් කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිදහස් කරන පිරිසෙන් එක් අයෙක් කාන්තාවකි.

නිදහස් කිරීමට සුදුසුකම් ලබා සිටි රැඳවූවන් 280 දෙනාගෙන් 20 දෙනකුට එරෙහිව අධිකරණවල නඩු කීපයක් තිබීම හේතුවෙන් එම 20 දෙනා නිදහස් කිරීමට පියවර නොගත් බවත්, ඒ අනුව මෙවර වෙසක් දිනයට නිදහස් කිරීමට සිටි රැඳවූවන් 260 දෙනකු පමණක් නිදහස් කෙරෙන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

ජීවිතාන්තය දක්වා සි’රද ඬුවම් ලබා සිටියදී නිදහස් කිරීමට නියමිත සිරකරුවන් 53 දෙනා වසර 25කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් බවද ඒ මහතා පැවැසීය.

නිදහස් කර හැරීමට නියමිත පුද්ගලයන්ගෙන් බහුතරයක් සුළු වැ’රැ දි සම්බන්ධයෙන් සිරගතවූවන් බවද, සිය ද’ඬුව’ ම් කාලයෙන් අඩක් ගෙවා ඇති අවුරුදු 65ට වැඩි පුද්ගලයන් පවා මේ අතර සිටින බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button