custom_html_banner1
දේශීය පුවත්

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී තෙමඟුල සමරමු – අගමැති වෙසක් දින පණිවුඩයෙන් අවධාරණය කරයි

custom_html_banner1
Spread the love

සියලු ලෝ සතුනට ඉවසීම, දයාව, කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවායි වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

කොවිඩ් වසංගතය මුළු ලොවින්ම තුරන්වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගිමත්ව ජීවත්වීමට හැකිවේවායි මේ උතුම් වෙසක් දිනයේ කරන ප්‍රාර්ථනාවට බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමාද එක්වන බව මහින්ද රාජපක්‍ෂ මහතා සිය වෙසක් දින පණිවුඩයේ සඳහන් කරයි.

එම පණිවුඩය මෙසේද දැක්වේ.

“බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙනදා ඉමහත් හරසරින් සමරන වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේය.

ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගැනීමටත් බුදුන් වහන්සේ වඩාත් අගය කොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරැදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණදී ධර්මානුකූලව ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයයි.

custom_html_banner1

මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය නාගදීප රජමහ විහාරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ශවත්ව පැවැත්වීමට නියමිතව තිබුණද පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුවේය.

එසේ වුවද උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැනදී නිවෙසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නැයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button