custom_html_banner1
විශේෂාංග

බුද්ධගයා පින්බිමේ පමණක් පහළ වන පූජනීය වජ්‍රාසනය ගැන ඔබ නොදත් තොරතුරු රැසක්

custom_html_banner1
Spread the love

ජය ශ්‍රී මහා බෝධි මූලයේ නැගෙනහිර දෙසින් වජ්‍රාසනය පිහිටා තිබේ. මෙය අතිශයින්ම සුපූජනීය ස්ථානයකි. සියලු බෝසතාණන් වහන්සේලා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වන උත්තම භූමිය මෙයයි. අනාගතයේදී මෛත්‍රී බෝසතුන් ද සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ බුද්ධගයා වජ්‍රාසන පින්බිමේදී ම ය.

වෙසක් පුන් පොහෝ දිනක සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, සවස් කල සොත්ථිය බමුණා දුන් කුසතණ ද රැගෙන මෙහි වැඩම කළ සේක. මේ වජිරාසන භූමියේ කුසතණ අතුරා බෝසතුන් වැඩ සිටියේ ලොව කිසිවෙකුට සෙළවිය නොහැකි වූ, ඉතා දැඩි වූ, වජ්‍රමය වීරියකිනි. එනිසා ම උන්වහන්සේ වැඩහුන් එම අසුනට වජ්‍රාසන යැයි කියනු ලැබේ.

වෙසක් පුර පසළොස්වක පෝ දවස වෙනවාත් සමගම තමන් වහන්සේ සුජාතා දේවියගෙන් ලැබුණු කිරිපිඬු දානය පිළිගත්තා. මේ කිරිපිඬු දානය ගුලි හතළිස් නවයකට කරලා, ආහාරයට ගෙන තමන් වහන්සේට ලැබුණ රත්තරන් පාත්තරය නේරංජනා නදියෙහි පා කර හරින්නෙ. “මම ඒකාන්තයෙන් ම අද බුදුවෙනවා නම් මේ පාත්තරය අද උඩුගම් බලා යන්නට ඕනෙයි කියා, එසේ අධිෂ්ඨාන කරගෙන, රත්තරන් පාත්‍රය ගඟට දානකොට ම අහෝ! පුදුමයක් සිදුවුණා.

මේ පාත්තරය උඩුගම් බලා ගිහිල්ලා නාග ලෝකයට යනවා. නාග ලෝකයේ මීට කලින් ලොව පහළ වුණ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා ද කිරි ආහාර වළඳා ඒ ඉවත්කර පාත්තරවලට ම ගිහිල්ලා වඳිනවා. මේ පාත්තරේත් ආ වෙලාවේ නා රජ්ජුරුවෝ තේරුම් ගන්නවා බුදුවෙන උතුමන් වහන්සේ නමක් ඉන්නවා, බුදුවෙන උතුමන් වහන්සේ නමක් පහළ වෙලා කියලා. ඉතින් තමන් වහන්සේ කිරිපිඬු දානයත් වළඳලා අතර මඟදී සොත්ථිය බමුණාගෙන් ලැබුණ කුසතණ මිටි අටත් අරගෙන පැමිණෙනවා. කොහේට ද? වජ්‍රාසනයට.

මේ ලෝකය පහළවෙන, මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පඬක් පහළ වන්නේ මේ වජ්‍රාසනය පහළ වෙන තැනයි. හේතුව කුමක් ද? මේ මහා පොළොවෙ කිසිම තැනකට බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ ඍද්ධිය, බුද්ධ ධර්මය දරාගන්ට පුළුවන්කමක් නෑ. එය දරාගන්ට පුළුවන් වන්නේ බුද්ධගයා ශුද්ධභූමියේ පිහිටි වජ්‍රාසනය ළඟ පමණයි. ඒ නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මේ ලෝකයේ බුදු වන්නේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ වජ්‍රාසනය පිහිටන ස්ථානයේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා.

ඉතින් මේ වජ්‍රාසනයේ වැඩ හිඳගෙන තමන් වහන්සේ දැන් චතුරංගසමන්වාගත වීර්යයත් සමඟ භවනා කරනවා. ඒ සමඟම මා’ර දිව්‍ය පුත්‍රයා මාර පිරිවර සමඟම පැමිණ බෝසතාණන් වහන්සේට නොයෙක් ව’ධ’ හිං’ සා කරනවා. අඟුරු වර්ෂාවන්, ඊතල වර්ෂාවන්, ආ’යු ධ වර්ෂාවන් නොයෙක් නොයෙක් වර්ෂාවන් පවත්වමින්. බෝසතාණන් වහන්සේ ආසනයෙන් පලවා හරින්නටයි.

දැන් මහන්සි ගන්නේ. ඒ වෙලාවේ මා’ර දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිවර සම්පත්තිය කියන්නේ, එතුමාගේ අනුගාමිකයන් කියන්නේ “මේ වජ්‍රාසනය අයිති මා’ර’යා වන මටයි. බෝසතාණන් වහන්සේට නෙමෙයි” කියලා ඒ කියන විට අනිත් පිරිවර සම්පත්තියක් නැත්නම් මා’ර පිරිසක් මේ මා’ර පිරිසගේ පැත්තට කතා කරනවා.

custom_html_banner1

මේ මා’රයා’ගේ බලපෑම් අනුව සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් එතනින් දුව ගියා. එක් කෙනෙක්වත් හිටියේ නෑ. අර අචේතනික බෝ සමිඳුන් පමණයි, අස්වත්ථ වෘක්ෂය පමණයි එතන තිබුණේ. තමන්ගේ ශ්‍රී හස්තය මහා පෙළොවට දික්කලා “මේ අචේතනික මහ පොළව අද මට සාක්ෂි දරයි. අනාදිමත් කාලයක් මුළුල්ලෙහි ඇස්, මස්, ලේ දන්දෙමින් මම අප්‍රමාණ උත්සාහයකින් උනන්දුවකින් පාරමී පුරාගෙන ආවේ මේ වජිරාසනයට උරුමක්කාරයෙක් වෙන්ටයි.”

“සෝ සාගරේ ජලධිකං රුධිරං අදාස
භූමිං, පරාජිය සමං සමංස දානං
මේරුප්ප මාණමධිකඤ්ච සමොලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”.

ආදී වශයෙන් සඳහන් වන්නේ ‘මේ මහා සාගරයේ ජලයට වඩා ශරීරගත ලේ දන් දෙමින්, මේ මහ පොළොවේ පස්වලට වඩා මාං’ ශ දන් දෙමින්, මහාමේරු පර්වතයේ උසට වඩා ඔටුන් පලන් හි’ස් දන් දෙමින්, අහසේ පෙනෙන තාරකාවලට වඩා නේත්‍රා යුග්මයන් දන් දෙමින් පාරමී පුරාගෙන පැමිණියා.” කියමින් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරන වෙලාවේ ඒ අචේතකික මහා බොල් පොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ගණකම ක ‘ම්පා’ වෙන්න පටන් ගත්තා.

ඒ ක’ම්පා වත් සමඟ මාරයාට උන්හිටිතැන් අමතක වී පලා ගියා. අන්න, බෝසතාණන් වහන්සේට පමණක් මේ වජ්‍රාසනය අයිති වුණා. උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා “මගේ මේ ශරීරයේ ම’ස්, නැතිවුණත් ස’ම වියළී ගියත්, මම බුදුවෙලා මිස මෙතනින් නැගිටින්නේ නෑ කියා චතුරංග සමන්නාගත වීර්යය පහළ කරගෙන තමන් වහන්සේ දැන් සුපුරුදු ආනාපානාසති භාවනා මූල කර්මස්ථානය වඩනවා. ඒ භාවනා කර්මස්ථානයෙන් කසිණ සමාපත්ති වඩනවා.

කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා. අන්න පූර්ව යාමයේ දී පළමුවන අභිඥාව. ඒවාගේ ම මධ්‍යම යාමේ දී දෙවන අභිඥාව, තෙවන යාමේ දී තුන්වන අභිඥාව පහළ කරගන්නවා.

උන්වහන්සේ ප්‍රථම යාමේ දී ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ’ ආදී වශයෙන් පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කරන විට පුබ්බේ නිවාසානුස්සති අභිඥාව පහළ කරගත්තා. නැවතත් උන්වහන්සේ පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරන වෙලාවේ චුතූපපාත කියන මේ අභිඥාව පහළ කරගත්තා.

අවසානයේ දී නැවතත් පටිච්ච සමුප්පාදානය මුල සිට අගටත් මෙනෙහි කරන වේලාවේ දී ආසවඛ්‍ය ඤාණය සහිත සර්වඥතාඤාණ ප්‍රතිමණ්ඩිත අනන්ත අප්‍රමාණ ඤාණයන් සහිත ගුණයන් සහිත සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට යෙදුණා. එසේ මාර පරාජය කොට අනතුරුව සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ මේ උතුම් පින්බිමේ සිටයි.

සම්බුද්ධත්වය ලබා අමා නිවනේ නිරාමිස සැප විඳිමින් පළමු සතිය අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ද බුද්ධගයා බෝමැඩ උතුම් වජිරාසනය මත ය. එම නිසා සැදැහැවත් ශ්‍රාවකයෙකු විසින් දැකබලා පහන් සංවේග උපදවාගෙන වන්දනා කළ යුතු උතුම් ‘බෝධි චේතිය’ මේ වජිරාසන පුණ්‍ය භූමියයි.

එසේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුද්ධ ගුණයන්ගෙන් සමන්නාගතයි. දසබල ඤාණ, චතුවිශාරද ඤාණ, චුද්දස බුද්ධ ඤාණ, සෝළස මහා ඤාණ, අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ, එකුන් විසි ප්‍රත්‍යාවේක්ෂා ඤාණ, සමපණස් උදයව්‍යය ඤාන, තෙසැත්තෑ ඤාණ, සත්සැත්තෑ ඤාණ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන මහාපකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඤාණ ආදී මේ මහ පොළොවට දරාගන්න බැරි අප්‍රමාණ ඤාණ සම්භාරයකින් බුදුපියාණන් වහන්සේ සමන්නාගතයි.

එසේ අනන්ත පින් ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත පාරමී ඇති, අනන්ත ඤාණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ජීවිතය ද පූ’ජාක’රමි පූජා වේවා……….

උපුටාගත් වැදගත් ලිපියකි

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button