custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ජනප්‍රියත්වය නිසා පෙම්කරන කාලෙත් මට ගොඩක් දේවල් අහිමි වුණා – ජනප්‍රිය නිලි චමල්ෂා දෙව්මිණී

custom_html_banner1
Spread the love

සිරස කුමරිය රියැලිටි තරඟය හරහා ක්ෂේත්‍රයට ඇවිත් පළමු රංගනය ලෙස ඇයව දැකගන්නට ලැබුණේ කිදුරංගනා ටෙලිනාට්‍යයෙන්. ඉන් පස්සේ අමන්දා ටෙලිනාට්‍යයෙන් අමන්දාගේ චරිතය හරහා ඇය තවත් ප්‍රේක්ෂක ජනාධරයට පත්වුනා. ඒත් එක්කම ස්වයංජාත වගේ උසස් ටෙලිනාට්‍ය තුලිනුත් ඇයව දැකගන්න ලැබුණා. එහෙම දකින්න ලැබුණු මේ ආදරණීය රංගන ශිල්පිනිය වෙන කවුරුත් නෙමෙයි චමල්ෂා දෙව්මිණී. ඇය විවාහ දිවියට එළබිමත් සමඟම රංගනයට සමු දුන්නා. ඉන් පසුව ඇය අවුරුදු දහයකට පස්සේ පුවත් පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම එදිනෙදා ජීවිතේ සැහැල්ලුවෙන් සතුටෙන් ගෙවනවා. දුවගේ වැඩ කටයුතු එක්ක තමයි කාලය ගෙවන්නේ. දුව මියුසියස් විද්‍යාලයේ පහ වසරේ ඉන්නේ. කලාව තුල නියැලෙන කාලය තුල මගේ ලොකුම ආසාවක් තිබුනේ මම උපයන මුදලින් ඉගෙන ගන්න. නමුත් දිගටම ඉගෙන ගන්න මට ලැබුණේ නැහැ.

ගොඩක් බාදාවන් ආවා. ඒ නිසා විවාහ වෙන්න ලැබුන එක ගැන හරි සතුටුයි. විවාහයත් එක්ක මන් හරි නිදහසේ ජීවිතේ ගෙවනවා. මන් කලාව තුල නියැලී ඉන්න කාලෙත් හිතුන දෙයක් තමයි කවදාහරි විවාහයෙන් පස්සේ රංගනයට සමු දීලා විවාහ ජීවිතයට මුල් තැන දෙනවා කියන එක.

මන් හරි වෙනස් කෙනෙක්. රඟපෑමට පවා ආවේ අහම්බෙන්. ඒ නිසා මට වෘත්තියෙන් ඉහලට යන්න ඕනේ කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. මගේ ජීවිතයේ සැලසුම තිබුනේ දැන් මේ ගෙවන ජීවිතය. ඒ නිසා මිනිස්සුන්ට පෙන්න ලස්සනට ඇදලා යන්න ඕනේ වගේ අදහස් මගේ හිතේ ගැවිලාවත් නැහැ. සරල සැහැල්ලු, අවමවාදී ජීවිතයක් මම ගෙවන්නේ. සුළු දේවල් ටිකක් ඇති මට ජීවත් වෙන්න. මහත්තයත් මම වගේම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. එයත් කැමති නැහැ ජනප්‍රිය කෙනෙක් වෙන්න. අපි දෙන්නා විවාහ වෙන්න කලින් පෙම්වතුන් විදිහට ඉන්න කාලේ මගේ ජනප්‍රයත්වය නිසා බොහෝ දේවල් මඟ හැරුනා. සාමන්‍ය පෙම්වතුන් විදිහට අපිට ඉන්න ලැබුණේ නැහැ. ඒ නිසා එයාටත් ජනප්‍රිය වීම කියන එක කරදරයක් වෙලා තිබුනේ.

අපි දෙන්නටම ඕන වුනේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. ඔහු මේ වෙද්දී එයාගේම ව්‍යපාරයක් කරගෙන බොහොම නිදහසේ ජීවිතය ගෙවන සුන්දර චරිතයක්. මගේ මහත්තයාට හොඳට පියානෝ එක වාදනය කරන්න පුළුවන්. ඒ නිසා දැන් දුවටත් ලස්සනට පියානෝ වාදනය කරන්න සහ සිංදු කියන්න පුළුවන්. අපි දෙන්නාම ඉන්නේ දරුවා ජනප්‍රිය නොවී සාමන්‍ය කෙනෙක් විදිහට හැදෙන්න ඕන කියන තැන කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button