custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

හැමෝම හොයපු සුජීව ප්‍රියලාල්ගේ අමුතුම පාට කොණ්ඩේ විලාසිතාව ගැන කවුරුත් නොදන්න කතාව

custom_html_banner1
Spread the love

මේ වනවිට කිසිවකු නොසිතූ ආකාරයට වසංගතයක් ලොවම අක්‍රමණය කරමින් ලෝකෙටම ව්‍යසනයක් වී පවතිනවා. ඉතින් වසංගත උවදුරත් සමඟ කළා කරුවන්ට රාහු කාලය උදා වෙලා කියලා පසුගිය සතියක ප්‍රවීණ රංගවේදියෙකු රියැලිටි ෂෝ එකකදී බොහොම සංවේදී ලෙස පවසා තිබුණා. ශූටින් අතර මඟ නතර වෙලා අපි ගෙවල් වල කියලත් තවත් ප්‍රවීණ කළා කරුවන් කිහිප දෙනෙකුම පවසලා තිබුණා. හැබැයි මේ වසංගත උවදුර මැද ලැබෙන යම් විරාමයන් තුල කොහොම කොහොම හරි වැඩ කටයුතු වෙලාවට කලාවට කර ගන්න පිරිසකුත් නැත්තේම නැහැ.

සුජීව ප්‍රියාල් සහ දුලීකා මාරපන ඇතුළු අසංක සායක්කාර ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍ය කණ්ඩායමද ඒ පිරිස අතර ලහි ලහියේ දුව පනින කළා කරුවන් පිරිසක්. ඉතින් ඉන්ටර්නැෂනල් දෙවෙනි පියවර ගැන තොරතුරු දැනගන්නට වගේම තවත් විස්තර ගැනත් කතා කරන්නටත් සුජීවා ප්‍රියල් හෙවත් නාඩි හී මාදිවල සිනා සමඟ අපි කතා බහ කළා.

හැමදේම සාමාන්‍ය තත්වෙට පත්වෙනකන් බලන් ඉන්න ගියොත් හැමදාම එකම තැන තමයි ඉන්නේ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවස් වල ඉන්ටර්නැෂනල් දෙවෙනි අංගයේ ශූටින් ලහි ලහියේ සිදු වෙනවා. ඉන්ටර්නැෂනල් දෙවෙනි කොටසට කඩිනමින් යෑමේ ඕනෑකමක් වගේම අසීමිත උනන්දුවක් තිබුණා. බොහෝ විට ඉන්ටර්නැෂනල් පළමු පියවරේ වගේම දෙවන්නේද අලුත් මුහුණු කැන්දාගෙන ආවා. අලුත් මුහුණු කිවුවාට ඔවුන් වේදිකාවෙන් අසහාය ආභාශය ලබා ගත් වේදිකා නාට්‍ය කලාව ඇසුරු කල පිරිසක්. කතාවක් ජනප්‍රිය වෙන්න තරු අවශ්‍යයි. ඒ අතරට අලුත් දැක්මක් සහ වෙනසක්ද අවශ්‍යයයි.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම නාඩි වල සිනා වෙනුවෙන් කොන්ඩේ වෙනස් කර ගත්තා කියලා. මම හෙයාස්ටයිල් එක වෙනස් කලේ නැහැ. ඒක ඉබේම වෙනස් වුනේ. මම අධ්‍යක්ෂණය කරපු සුපර්ණා ෆිල්ම් එකේ රන්ගවෙදීන් පිරිසකට කොන්ඩේ තට්ටේ ගාන්න සිද්ද වුණා. ඒ අතර විශ්වජිත් ගුණසේකර, දර්ශන දර්මරාජ් ඇතුළු තව පිරිසක් හිටියා. ඔන්න ඉතින් මාත් හොඳට තට්ටේ ගෑවා. මෙන්න ටික ටික කොන්ඩේ එද්දී කලු පාට වෙනුවෙට අමුතු ග්‍රේ පාටක් තමයි ආවේ. ඒක දැකලා මගේ නෝනා දුලීකා කියනවා මාර ලස්සන පාටක් කියලා, ඔහොම්මම වැවෙන්න දෙන්න කියලා, අද ඕක තමයි ඉන්දියන් ඇක්ට්‍රස්ලගේ ස්ටයිල් එක කියලා. ඉතින් මට ඔලුවට ආවේ අජිත් කුමාරන්. ඉතින් මටත් හිතුණා මෙහෙන්මම තියා ගන්න. ඔන්න ඕක තමයි මගේ හෙයාස්ටයිල් එකේ රහස කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button