custom_html_banner1
විදෙස් පුවත්

කොවිඩ් හමුවේ වියුරු වැටුණු මෝදි ඉන්දියාවේ ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය තහනම් කරන ලකුණු

custom_html_banner1
Spread the love

අන්තර්ගතය පාලනය කිරීමේ ආචාර ධර්ම පද්ධතිය බලාත්මක වීමත් සමඟ ඉන්දියාව තුල ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය තහනමකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා.

රජයේ ඉල්ලීම පරිදි මෙම සමාජ මාධ්‍යයන්හි ඇතැම් පළ කිරීම් ඉවත් කිරීමට බලය පැවරෙන යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ලබාදී තිබූ මාස 03 ක කාල විරාමය අදින් අවසන් අවසන් වීමට නියමිතයි.

එහෙත්, ෆේස්බුක්, ට්විටර් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය කිසිවක් ඉන්දීය රජයේ එම ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

මේ නිසා එම සමාජ මාධ්‍යයන්හි ඉන්දීය කාර්ය මණ්ඩල වලට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ හැකියාවක් පවතින බව සඳහන්.

පසුගියදා පැවති ගොවි විරෝධතාවේදී රජය අපහසුතාවට පත් කළ බවට ද මෙම සමාජ මාධ්‍ය වලට චෝදනා එල්ල වනවා.

රජයේ ඉල්ලීම මත ඇතැම් පළ කිරීම් ඉවත් කළ ද එම සමාජ මාධ්‍ය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට තමන් සූදානම් නොමැති බව ප්‍රකාශ කරනවා.

ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වල ඇමෙරිකාවෙන් පිටත වැඩිම පරිශීලකයන් සිටින්නේ ඉන්දියාවේයි.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button