custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි – මගීන් 213 කට තුවා’ල

custom_html_banner1
Spread the love

මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර සිදුවූ දුම්රිය අනතුරකින් 200 කට වැඩි මගීන් පිරිසක් තුවා’ල ලබා තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටී’මෙන් මෙම අන’තුර සිදු ඇති බවයි.

අ’නතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියක් බව පැවසේ. අන’තුරින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් 213 දෙනාම තු’වාල ලබා ඇති අතර ඉන් 47 දෙනෙකුගේ ත’ත්ත්ව ය බර’පතළ බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

නඩත්තු කටයුත්තකින් පසු හිස් දුම්රිය, මගීන් රැගත් දුම්රිය ධාවනය වූ මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ උමං මාර්ගයක් තුළදී එලෙස අන’තුරට ලක්ව තිබේ.

දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී මොහොමඩ් සයිනාල් පවසා ඇත්තේ දුම්රිය පාලක මැදිරියෙන් සිදු වූ වැරදි සන්නිවේදනයක් නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට සක පළ කරන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශ’න ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය මුහයිඩින් යසින් එරට ප්‍රවාහන අමාත්‍යවරයාට නියෝග කර ඇත්තේ අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වසර 23 ක් වූ මෙට්‍රෝ පද්ධතියේ සිදුවූ විශාලතම අනතුර මෙය බවයි.

01

custom_html_banner1

02

03

04

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button