custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීම ගැන ඇසූ විට රජයේ නියෝජිතයින් කී දේ

custom_html_banner1
Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (මැයි 25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව මෙම තත්ත්වය යටතේ වාහන ආනයනය කිරීමක් සිදු නොවන බව එහි සඳහන් කර ඇති බවත් ය.

මාධ්‍යවේදියා: ඇමති තුමනි දැන් මේ කොවිඩ් හමුවේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවා. මිනිස්සු හැමෝ ම ඉන්නේ පටි තද කරගෙන. ඒ අතර තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට බිලියන ගණනක් වියදම් කරලා වාහන ගෙන්නන්න තීරණයක් ආවා. ඇත්තට ම ඇමතිතුමා මේක වාහන ගෙන්නන වෙලාවක් ද?

අමාත්‍ය රමේෂ් පතිරණ: ඇත්තට ම ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ගරු අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

මාධ්‍යවේදියා: ඇමති තුමා මේ වගේ තත්ත්වෙක හිතන්නවත් පුළුවන් ද අපිට වාහන ගෙන්වන්න කියන කාරණය හිතන්නවත් පුළුවන් ද? මෙහෙ ම සිතුවිල්ලක්වත් එන්නේ කොහොම ද මෙච්චර ප්‍රශ්නයක් රටේ තියෙද්දී?

අමාත්‍ය රමේෂ් පතිරණ: මේ සම්බන්ධයෙන් බොහෝ ම පැහැදිලිව එවැනි කටයුත්තක් සිදු නොවෙන බවට දැනට අග්‍රාමාත්‍ය තුමාගේ කාර්යාලයෙන් බොහෝ ම පැහැදිලිව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

custom_html_banner1

අපි කවුරුත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා නෑ, වාහන ගෙන්වන්න කියලා. අපි කැපකිරීමක් කරන්න බොහෝ ම පැහැදිලිව ලෑස්ති වෙලා ඉන්නවා. ගරු ජනාධිපතිතුමා ඒ කැප කිරීම කරා. තමුන්ට වාහන ගන්නේ නැතුව, නිල නිවාස භාවිතා කරන්නේ නැතුව එතුමාගේ කාර්ය මණ්ඩලයේ දහස් ගණනක සේවකයින් අඩු කරල රටට බිලියන 3ක මුදලක් පළමුවැනි වර්ෂයේ ඉතුරු කරා.

ඉතින් ජනාධිපතිතුමා ඒ ආදර්ශය ලබා දීලා තියෙනවා. අපිත් ඒ ආදර්ශය ඉහළින් ම පිළිපදින්න ඉතා ම කැමැත්තෙන් සිටිනවා. ඒ කටයුත්ත සිදු නොවෙන බවට අගමැති තුමාගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

මේ අතර, V8 වර්ගයේ වාහන කිහිපයක් රටට මේ වන විට ආනයනය කර ඇති බවට වාර්තා වී ඇති තොරතුරුවල සත්‍යතාව පිළිබඳව මාධ්‍යව්දියෙකු නැගූ ප්‍රශ්නයකට සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍යතුමා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය.

අමාත්‍ය උදය ගම්මන්පිල: අපට නම් එවැනි තොරතුරක් නැහැ. කවුරු හරි එහෙම ආනයනය කරල භාවිත කිරීමක් ගැන තියෙනවා නම් තොරතුරු අපට ලබා දෙන්න.

මාධ්‍යවේදියා: මේ වෙනකොට එල්.සී. ඇරලා තියෙන්නේ ඇමති තුමා, එතකොට දැන් මෙහෙම ගෙනාවේ නැත්නම් BOC එක බ්ලැක් ලිස්ට් වෙනවා. මොකක් ද එතොකට ගන්න ක්‍රියාමාර්ග?

අමාත්‍ය උදය ගම්මන්පිල: අපිට ඇත්තෙන් ම රටේ සිදුවන සියලු ම දේවල් අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකයන් විදියට අපිට පිළිතුරු දෙන්න හැකියාවක් නැහැ. මොක ද අපි ඒවා ගැන නොදන්නා කරුණු ගැන අපිට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වුණු දේවල් පිළිබඳ අපිට ඉතා ම විශ්වාසයෙන් අපිට කරුණු දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගැන අපි හොඳින් අවබෝධයෙන් ඉන්නේ. ඒ ගැන අධ්‍යයනය කරලයි මෙතනට එන්නේ. නමුත් ඔබ මාධ්‍යවේදීන් විදියට රටේ සිදුවන විවිධ දේවල් සොයා ගෙන, ඔබතුමාලගේ යුතුකම ඒක. සොයා ගත යුතුයි.

හැබැයි ඔබ ඒ ආයතනයෙන් ඇහුවොත් ලංකා බැංකුවේ ණයවර ගිණුම් විවෘත කරලා තියෙන ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනයෙන් ඇහුවොත් ඇයි මේක විවෘත කරලා මෙච්චර කල් තියාගෙන ඉන්නේ යනාදී වශයෙන් ඇහුවොත් ඔවුන්ට නිශ්චිත පිළිතුරක් දෙන්න පුළුවන් වේවි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ඒ පිළිබඳ කරුණු හරි හැටි අධ්‍යයනයකින් තොරව තමන්ට පිළිතුරක් ලබා දිය නොහැකි බවය.

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button