custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මෙරට සිදු වූ කොවිඩ් මරණ විශ්ලේෂණයෙන් GMOA කළ අනාවරණය

custom_html_banner1
Spread the love

රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය නිසා මෙරට ජනතාවගේ ඉරණම වෙනස් කෙරෙන මේ අභියෝගාත්මක අවස්ථාවේ ජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා අද (25) සිට ජුනි 7 වන දා තෙක් පනවා ඇති සති දෙකක සංචරණ සීමාකිරීම්වලට ජනතාව නිසි අයුරින් අනුගත වන්නේ නම් සංචරණය සියයට 90කින් අඩුකර ගත හැකි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

සංචාරණ සීමා ලිහිල් කරනු ලබන අද (25) දින, 31 දින සහ ජුනි 4 වන දා යන දින තුනෙහි ජන ජීවිතයේ කටයුතු එම දවස් කිහිපයෙහිදී සිදු කර ගැනීමට උත්සාහ නොකර ‘ගෙදරට කොරෝනා ගෙන යන්නේ නැහැ’ කියන අධිෂ්ඨානයෙන් හැසිරෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම දින 14 නිරෝධායන ඇඳිරි නීතියක් ලෙස සලකා, නිරෝගී කෙනෙකු වෙළෙඳ සල් වෙත යවා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගෙන්වා ගැනීමට උනන්දු වන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.

“රජය පැත්තෙනුත් ලොකු වගකීමක් තියෙනවා. ජනතාවට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය එළවළු, මාළු, ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය දේ සෑම අතුරු මාර්ගයක ම බෙදාහැරීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරනවා නම් ජනතාවට නිවෙස්වලින් බැහැරවීම අවශ්‍ය නොවන” බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කළේය.

කොවිඩ් තුන්වන රැල්ල ඇතිවීමෙන් පසු මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමක් ඇතිවීම හරහා වෛරසය කොතරම් වේගයෙන් රට තුළ පැතිර යනවාදැයි තේරුම් ගත හැකි බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ සිදු වූ මරණ වලින් සියයට 75ක් මිය ගියේ වයස අවුරුදු 75ට වැඩි පිරිස් බවත් පසුගිය සතියේ මියගිය අයගේ සියයට 80ක් වයස අවුරුදු 60ට වැඩි අය බවත් පෙන්වා දෙයි.

පසුගිය සතියේ මරණ සියයට 50කින් ඉහළ ගොස් ඇති බවත් සතියෙන් සතිය මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවත් මේ අය අතුරින් සියයට 87ක් දෙනා නිදන්ගත රෝග තිබෙන අය බවත් සඳහන් කරන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිවන මරණ අනුපාතය අනුව රෝගයේ පැතිරයාම තේරුම්ගත හැකි බවත් පෙන්වා දෙයි.

ජේ.ටී. ද සිල්වා
Source – Mawbima.lk

custom_html_banner1

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button