custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොරෝනා අස්සේ කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් ජාවා’රමක්

custom_html_banner1
Spread the love

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවා’රමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයෙකු අත්අ’ඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමග සැක’කරු රෝහල් පරිශ්‍රයේදී ම ඊයේ (මැයි 23) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

සැකකරු, කටුනායක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

සොරකම සම්බන්ධයෙන් අත්අ’ඩංගුවට ගත් සැකක’රුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම සොරක’මට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්ය සහායකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුව ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.

පොලිසිය සැක කරන්නේ, මේ ආකාරයෙන් දීර්ඝ කාලයක සිට ඔක්සිජන් සිලින්ඩර් කොළඹ ජාතික රෝහලින් සොරා ගෙන ගොස් ඇති බවය.

එමෙන් ම, හදිසි බාහිර රෝගී අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද සොර’කම් කර ඇති බවට එම අංශයේ හෙද නිලධාරිනියක් තවත් පැමිණිල්ලක් කර ඇතැයි මරදාන පොලිසිය පැවසීය.

අත්අඩං’ගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේ ය.

custom_html_banner1

මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button