custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

තෙල් මිල සංශෝධනය ගැන මහ බැංකුවේ අවදානය

custom_html_banner1
Spread the love

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර ඇත.

මහ බැංකු නිලධාරීන් සහ අගමැතිවරයා අතර පෙරේදා (23 වැනිදා) පවතී විශේෂ සාකච්ඡාවකදී මෙම අවධාරණ කිරීම සිදුවූ බව එම සාකච්ඡාවට සහභාගීවූ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ‘අරුණ’ සමග පැවසීය.

මෙම සාකච්ඡාවේදී මහ බැංකුව පාර්ශ්වය සෘජුවම ඉන්ධන මිලේ සංශෝධනයක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම මේ මොහොතේ ලොව ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල මිල ගණන්වලට වඩා වැඩි මිලකට දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි වන බවද රාජ්‍ය ඇමැති කබ්රාල් පෙන්වා දුන්නේය.

මෙහිදී සාකච්ඡා වූ ඉන්ධන මිල ඇතුළු ආර්ථිකයට සම්බන්ධ අනෙක් කරුණු පිළිබඳව වැඩිදුරටත් රජය සාකච්ඡා කර මහ බැංකුවේ ඉල්ලීමට පිළිතුරු ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නයන තරංග ගමගේ
Source – Aruna.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button