custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මන් කවදාවත් වයින් එකක්වත් බීලා නැහැ – විවාහයන් දෙකකින් පසු දැන් තනිකඩව ඉන්න අතුල අධිකාරි

custom_html_banner1
Spread the love

සංගීත ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ප්‍රවීණ සංගීත වේදියෙක් තමයි අතුල අධිකාරි කියලා කියන්නේ. ඉතින් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන අපේ ආදරණීය ගායන ශිල්පියා ඔහුගේ ජීවිතේ ගැන අපිත් එක්ක කතා කලේ මෙන්න මෙහෙමයි. මම හැමදාම සතුටෙන් තමයි ඉන්නේ. දුක තිබුනත් මම හැමතිස්සෙම ඉන්න බලන්නේ හරිම සැහැල්ලුවෙන්. ඇත්තටම කිවුවොත් මම අවුරුදු 15වේ ඉදන් තනියම ඉන්න ගත්තේ. මම අවුරුදු 13දි නීල් හම්බවෙලා සන්ෆලවර් එකත් එක්ක සෙට් උනාට පස්සේ මම අවුරුදු 14 ඉදලා මගේ කාමරේ තනියම මියුසික් එක්ක තමයි මම හිටියේ. තාමත් මන් ඒ තනියට කැමතියි. නීතියෙන් සහ බැදීම් වලින් මම තාමත් සැමියෙක් වගේම පියෙක්. තාමත් ඒගොල්ලොත් එක්ක තමයි මම ඉන්නේ. ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නේ තමයි බැදීමෙන් වෙන් උනාට අදටත් මගේ හොඳම යාළුවා අමායා. මම කොහොමත් සංස්කෘතියට හිර වෙලා ඉන්නෙත් නැහැ. සංස්කෘතිය කියන එක වගේම එදා ඉදන් අද වෙනකොට එක එක දේවල් වෙනස් වෙමින් පවතිනවා. එයාලට ඕනම වෙලාවක මන් එයාලා වෙනුවෙන් ඉන්නවා. ඒක සැමියෙක් විදිහට වෙන්නත් පුළුවන්. පියෙක් විදිහට වෙන්නත් පුළුවන්. දේශපාලනයේදී උනත් පක්ෂේ ඉන්නකන් හොදයි ගියාට පස්සේ වැරදීනේ. මගේ එහෙම එකක් නැහැ. ප්‍රශ්න මොනවා හරි නිසා අපි ඈත් වුනාට ඒ හිතවත්කම් කවදාවත් නැති වෙන්නේ නැහැ. මම කොහොමද අවුරුදු ගානක් ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්නේ. ඒක මට කරන්න බැහැ. කිසිම තැනක මන් එයාට දොස් කියලත් නෑ. එයාලට ඕනම වෙලාවක මන් එයාලා ළඟ ඉන්නවා. බැදීම් නිසානේ මේ ලෝකේ තියන ප්‍රශ්න ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. මමත් ඒ නිසා තමයි මෙහෙම. බුදු හාමුදුරුවෝ උනත් පැහැදිලිවම කියලා තියනවා මම කියන පුද්ගලයාව අමතක කරන්න කියලා.

දෙන්නෙක් පෙම්වතුන් වෙන්න ඉස්සර වෙලා යාලුවෝ වගේ ඉන්නවනේ, ඔෆිස් එකක හරි නෑදෑයෝ හරි අහම්බෙන් හම්බවෙන කෙනෙක් හරි ඒ කාලේදී හරිම නිදහස් නේද. එතකොට අරයා කාගේ හරි දිහා බැලුවට ප්‍රශ්නයක් නැහැ. වෙලාව පොඩ්ඩක් එන්න පරක්කු උනාට ප්‍රශ්නයක් නැහැ. හැමදේම හරි නිදහස්. හැබැයි එක තත්පරේකදී මේක ආදරයක් බවට හැරුණු වෙලේ ඉදන් ඔන්න ෆෝන් එක බලන්න ගන්නවා. පරක්කු උනත් ඔන්න ප්‍රශ්නයක්. අමායා මේ ලඟදිත් කියනවා ඇත්තටම අපි මේ වගේ හිටියනම් ප්‍රශ්නයක් වෙන්නේනෑ නේද කියලා. ඕක වෙන්නේ සියයට සියයක් අයිති උනාම එකසිය එකත් බලාපොරොත්තු වෙනවනේ. මන් බලන්නේ එහෙම නෙමෙයි මන් බලන්නේ යාලුවෙකුගේ උනත් අනූවක් හොඳ තියනවානම් වැරදි දහය ගැන මන් වැඩිය හිතන් නෑ. බැරිම උනොත් තමයි මන් එතනින් අයින් වෙන්නේ.

මම ජීවිතේට සමිතාගේ ෆෝන් එකක් බලලත් නෑ, අමයාගේ ෆෝන් එකක් බලලත් නෑ. මන් දුවගේ ෆෝන් එකවත් බලන් නෑ. එයාලගේ කැමැත්තට ඕන දෙයක් කරන්න එයාලට නිදහස තියනවා. ආදරය කියන එක හරි අමුතු දෙයක්නේ. එක එක්කෙනා ආදරේ දකින විදිහ වෙනස්නේ. කෙනෙක්ට ආදරේ කියන්නේ සුන්දර වරදක්. මට ඒක කොහෙත්ම නැහැ. ආදරය කියන්නේ ඇත්තටම එහෙම අර්ථ දක්වන්න බැහැ. එක එක්කෙනා ආදරේ ඉල්ලන විදිහ, බලාපොරොත්තු වෙන විදිහ, දකින විදිහ වෙනස්. ආදරේ තියන වැදගත්ම දේ තමයි අනිත් කෙනාගේ කැමැත්තට ඉඩ දෙන එක. මම ආදරේ කරන පුද්ගලයාට හරියනවට තමයි මම කැමති. සමහරු එක්කෝ අලුතෙන් කෙනෙක් එක්ක විවාහ වෙන්න දෙන්නෑ, පරණ දේවල් ඔක්කොම එලියට අදිනවා. එතන ආදරයක් තිබුනද, සමහරු ජීවිත පවා නැති කරනවනේ. මම ආදරේ කරන කෙනාට හොඳක් වෙනවට තමයි මම කැමති. සමිතයි අමායායි දෙන්නාම අලුතෙන් විවාහ වෙද්දී මම එයාලට සුබ පැතුවා. සාමන්‍යයෙන් කන බොන අය ඉන්නවනේ. මන් ගැන ඇත්තටම ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ මන් හොදටම බොන කෙනෙක් කියලා. මම සාමන්‍යයෙන් ෂෝ එකකට ගියාම උනත් පිටරකට ගියත්, මාස ගානක් හිටියත් මන් වයින් එකක්වත් බොන්නේ නෑ. ඒ මිනිස්සු දන් නෑ ඒක. සමහරු අහනවා ෂොට් එකක් දාමුද කියලා. මන් කිවුවාම මන් බොන්නෑ කියලා එයාලා අහනවා කවද්ද නැවැත්තුවේ කියලා. හිතන් ඉන්නේ එහෙමයි. ඉතින් මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලාම මිනිස්සුන්ව හරියට තේරුම් ගන්න කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.

01

02

custom_html_banner1

03

04

05

06

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button