custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී ඉරූෂා හිරුණි ඉතාලියේ ඉදලා උපන්දිනය ජයටම සැමරූ හැටි

custom_html_banner1
Spread the love

වෙළඳ දැන්වීම් වලින් මෙන්ම ගීත රූප රචනා කිහිපයක් හරහාම ප්‍රේක්ෂකයින් අතරට ආපු ඉරූෂා හිරුණි කියලා කියන්නේ ස්වාධීන රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරිය තරඟය හරහා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුනු සුන්දර තරුණියක්. ඉතින් ඇයගේ උපන්දිනය පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒත් එක්කම ඇයගේ අලුත්ම තොරතුරු ඇය අපිට කිවුවේ මෙන්න මෙහෙමයි. නිරූපිකාවක් වෙන්න හීනයක් මට පුංචි කාලේම තිබුණා.

ඒ පැත්තට යොමු වෙන්න පුංචි කාලේ ඉඳලාම මගේ කැමැත්තක් ආශාවක් තිබුණා. පුංචි කාලෙදී මම ජාතික රූපවාහිනි විකාශය වුණ ‘මුතුහර’ ළමා වැඩසටහනටත්, සිරස නාළිකාවේ විකාශය වුණ ‘කිඩ්ස් වීඩියෝ’ කණ්ඩායමෙත් සාමාජිකාවක් විදිහට කටයුතු කළා. ඉතින් පුංචි කාලෙ ඉඳලා මගේ හීනේ වුණේ. කවදාහරි නිරූපණය පැත්තට යොමු වෙන්න ඒ පැත්තෙන් ඉදිරියට යන්න. 2012 අවුරුද්දෙ තිබුණ ITN අවුරුදු කුමරිය තරගයට සහභාගී වීම හරහා තමයි මට නිරූපණය පැත්තට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. එම තරගයේ මම අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා.

මම ගොඩක්ම පොටෝ ෂූට්වලට තමයි මේ වෙද්දී දායක වෙලා තියෙන්නේ. පොඩි කාලෙ නම් ගොඩක් වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටියා. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ගොඩක් වෙළෙඳ දැන්වීම්වලට හිටියේ නැහැ. ඒත්, මම පෙනී හිටිය ‘එළිෆන්ට් හවුස් වෝනඩර් බා’ දැන්වීම් ජනප්‍රිය වුණා. ඊට අමතරව දැනට මම නවක ගායකයන් කිහිප දෙනෙකුගේම ගීත රූප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා. ඉදිරියේදීත් වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකටම දායක වෙන්න අවස්ථාව දැනට මට ලැබිලා තියෙනවා. දැනට මේ ක්ෂේත්‍රය තුළ මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ හරහා යම් ප්‍රමාණයක පිරිසක් මාව හඳුනගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මම වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය තුළ යම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවා කියලා.

රඟපාන්න මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. නමුත්, මම තාම වයසින් අඩු කෙනෙක්. ඉතින් තව අවුරුදු දෙක තුනකින් වගේ රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී ඒ ගැන බලමු. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය මම දකින විදිහට හොඳ තැනක්. නමුත්, අද බොහෝ දෙනෙක් දකින්නේ ඒ ගැන වැරදි අදහසකින්. කෙනෙක් දෙන්නෙක් වැරදි කළාහම හැම කෙනා දිහාම ඒ වැරැද්දෙන් මනිනවා. ඉතින් මම හිතන විදිහට අපි මේ ක්ෂේත්‍රය තුළ හොඳින් හැසිරිලා වැඩ කළොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. මට මේ තැනට එන්න අම්මා, තාත්තා දෙන්න තමයි ගොඩක් උදව් කළේ. අම්මා තමයි නිතරම මගේ වැඩවලට මාත් එක්ක එන්නේ. ඊට අමතරව මගේ නිරූපණ වැඩ වලට මගේ පෙම්වතාත් ගොඩක් උදව් කරනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම හෂාන් පන්නිලගේ අයියාව මතක් කරන්න ඕනා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ පහුගිය දිනයකදී උපන්දිනය සමරපු ඉරූෂා හිරුණිට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රර්ථනා කරන ගමන්ම ඇයගේ උපන්දිනය දවසේ ලබාගත්ත අපූරු ඡායාරූප පෙළ පහතින් නරබන්නත් අමතක කරන්නට එපා.

01

02

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button