custom_html_banner1
විශේෂාංග

රෝද පුටුවට නැග ලෝකය වෙනස් කළ ඇය ‘ මුනිබා මසාරි ‘

custom_html_banner1
Spread the love

කලාව යනු එක්තරා ජීවමාන දෙයකි. එය තුළින් කිසියම් කෙනෙකුගේ ජීවිතය නගාසිටුවීමට හැකියාව තිබේ. යමෙකු ජීවිතයේ කඩා වැටුන හොත් කලාව එම ජීවිතය ගොඩ ගැනීමට ලබා දුන් අවස්ථා බොහෝය. නොසිතනා ආකාරයෙන් සිදු වීමට ඇති දේවල් කිසිදාක වෙනස් කිරීමට නොහැකි බව බොහෝ දෙනා දන්නා කරුණක්. ජීවිතය යනු එය බැව් අද වන තේරුම් ගැනීම බොහෝ සෙයින් වැදගත්ය. ජීවිතය කඩා වැටුනු යුවතියක් කලාව තුළින් අද ලෝකයම ජයගෙන ඇත.

අද වනවිට ලෝකයේ බලවත් කාන්තාවන් අතර සිටින ඇය පිළිබඳව මෙවර මෙම ලිපිය තුළින් කතා කිරීමට සූදානම් වෙමු.
මේ සුන්දරත්වයට වඩා ආත්ම විශ්වාසය ජයගත් කතාවයි බොහෝ දෙනාගේ අවධානය යොමුවුණේ. ඇය නමින් මුනිබා මසාරි වෙයි. 1987 මාර්තු 03 වැනිදා උපන් ඇය වයස අවුරුදු 18දී සිය පවුලෙ අවශ්යිතාවය මත විවාහයක් සිදුකර ගන්නීය. ඇයගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීම වන විට ඇය 21 වැනි වියේ පසුවිය.

එම සිදුවීම ඇයගේ ජීවිතයේ දුෂ්කර කාලයක් විය. තමන් සහ සැමියා ගමන් ගත් කාරය ප්රේපාතයකට පෙරලුනේ ඇයගේ සැමියාට නින්දයාමෙනි. එම අනතුරෙන් ඇයගේ සැමියාට කිසිඳු හානියක් නොවුනේ ඔහු එම රථයෙන් පැනීම නිසාය. ඇයට කාරයෙන් පිටතට ඒමට හැකියා නොලැබුනි. ඇයට එම අන’තුරෙන් බොහෝ ලෙස හානි විය. ඉන්පසු ඇය බොහෝ කාලයක් සිහිසුන්ව රෝහල තුළ කාලය ගත කර තිබුණි.

මාස කිහිපයකින් සිහිය ලැබූවත් ඇය සිහි කල්පනාවෙන් අඩු බවක් තිබුණි. එයට හේතු වුණේ ඇයගේ පිට කොන්ද පුපුරා විසන්ධි වී ගොස් වීමයි. ඇයට අවුරුදු දෙකක කාලයක් පමණ හිඳ ගැනීමට මෙන්ම කිසිඳු දෙයක් ඇල්ලීමටත් හැකියාව නොතිබුණි. ඇය අංශභාග තත්ත්වයෙන් පසුවන බව වෛද්යිවරු පවසා තිබේ. එමෙන්ම ඇයට කිසිදාක දරුවෙකු වැඳීමට නොහැකි බවත් වෛද්ය වරු පවසා තිබේ.

එතැනින් නතරවූ ජීවිතය ඇයගේ ජීවිතයේ අලුත් පරිඡේදයක් ආරම්භ වීමට මූලික විය. රෝහල තුළ අවුරුදු 03කට අධික කාලයක් ප්රලතිකාර ලබමින් සිටිමින් ඇය තම ජීවිතයේ අලුත් පරිඡ්චේදය ආරම්භ කරන ලදී. ඒ රෝහල තුළදී ඇයගේ පලමු නිර්මාණය සිතුවම් කරමිනි. ඇයට කලාව පිලිබඳව කිසිඳු දැනමුතු කමක් නොතිබුණත් ඇය තමාගේ ආත්ම විශ්වාසය පිළිබඳව ගැඹුරු පැහැදීමක් ඇය තිබූ බව සඳහන් වෙයි. මේ වනවිට චිත්රතශිල්පිය තුළ සම්මාන ලාභී සිතුවම් ශිල්පියෙකුද වන ඇය, තම නිර්මාණයන් ලෝකය පුරාම අලෙවි වෙමින් පවතී.

අද වන විට රෝද පුටුවක සිටි ලෝකයේම ආක්ෂණය, ගරුත්වය ඇය දෙසට යොමු කර ගැනීමට ඇයට හැකියාව ලැබූ බව සඳහන් වෙයි. සිය ජීවිතයෙන් ලැබූ කටුක අත්දැකීම මේ වනවිට ගුණාත්මක බවක් සදා ගත් ඇය ලොව පුරා විවිධ සංධාන සමඟ එක්ව ලොව පුරා සිටින ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පදනමක් නිර්මාණය කලාය.

ඇය මේවනවිට ගායිකාවක්, චිත්රද ශිල්පිනියක්, අභිපේරකයෙකු මෙන්ම රූපවාහිනි තරුවකි. ඇයගේ ජීවිතය තනිකම නැති කිරීමට දරුවෙකු නොසිටියේය. ඒ ඇයට දරුවෙකු වැදීමේ හැකියාව නොතිබෙන බව වෛද්යනවරු පැවසීමත් සමගිනි. ඒ කාරණාව කිසි සේත් තමාගේ ජීවිතයට බාධකයක් කර නොගත් ඇය මේ වනවිට මවකි. ඇය හදාගත් දරුවෙකුගේ මවකි. එම දරුවා තුළින්ද තමාගේ ජීවිතට ආලෝකයක් වූ බව ඇය පවසා තිබේ.

custom_html_banner1

නිරූපිකාවක් වශයෙන් කටයුතු කිරීම ගැන පුදුම වීමට කාරණා තිබේ. රෝද පුටුවක් මත හිද නිරූපණ කටයුතු කරන්නේ කෙසේද? එය ඉතාමත් ගැටලුවකි. නමුත් ඇය පාකිස්ථානයේ රෝදපුටුවක හිද නිරූපණයේ යෙදුනු පළමු නිරූපිකාවද ඇය විය. ලෝකය සමග ගැටීමට හැකියාව ඇති ඇය එක්සත් ජාතීන්ගේ කාන්තාවන් පිළිබඳ පාකිස්ථාන ජාතික නියෝජිතවරිය වශයෙන්ද ඇය කටයුතු කරනු ලබයි. 2015 වසරේදී BBC මගින් තේරු බලවත් කාන්තාවන් 100 අතරේද ඇයගේ නාමයද තිබුණි.

ජීවිතය කඩාවැටුනු අයව තම වචනේ ශක්තියෙන් නැගිටුවාලීමට ඇය බොහෝ සෙයින් උත්සහ කරයි. එම හේතුවෙන් ඇය විවිධ වූ රටවල් වල සංචාරය කර දේශන පැවැත්වීමද සිදුකරනු ලබයි. ඇය එක් දේශනයකදී පවසා ඇති විශේෂ කාරණාවක් පිළිබඳව විදෙස් මාධ්යැ සඳහන් කරයි. ඒ &බියවීම සහ හැඩීම ගැටලුවක් නොවෙයි. නමුත් යම් කිසි දෙයක් කිරීමට නොහැකි බව සිතා එය අත්හැර දැමීම විකල්පයක් නොවෙයි. බෝහෝ දෙනා පවසන්නේ අසාර්ථකත්වය යනු විකල්පයක් නොවන බවයි.

නමුත් මගේ අදහස නම් අසාර්ථකත්වය යනු ජීවිතයේ ඇති ලොකුම විකල්පය බවයි. යමෙකු අසාර්ථක වේ නම් නැවත නැගී සිටීමට බෙහෙවින් උත්සහ කලයුතුයි. එම දේ තුළින් ඔබ වෙනදාට වඩා ශක්තිමත් පුද්ගලයෙකු බවට පත්වෙනවා. මේ ඇයගේ අදහසයි. රෝද පුටුවක හිද අද වනවිටම ලෝකය තුළම නමක් රැන්ඳූ කාන්තාවක් බවට පත්ව ඇත. ඒ ඇයගේ සාර්ථකත්වයි.

ඩිලාන් ක්‍රිෂාන්ත 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

 

28

 

29

 

30

 

31

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button