custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

රූගත කරද්දි ඇත්තටම මාව වැටිලා කන්දෙන් පහලට පෙරලුනා – ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා ට වෙච්ච අකරතැබ්බිය

custom_html_banner1
Spread the love

නිලි රැජිනගේ පරපුරේ තවත් එක් පුරුකක් වන සෙනාලි ෆොන්සේකා මේ වනවිට ක්ෂේත්‍රය තුල අතිශය ජනාදරයට පත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් කබඩි කියලා කියන්නේ අප්‍රේල් 16 වෙනිදා ඉදලා දිවයින පුරා සිනමා ශාලාවල් වල තිරගතවීම ආරම්භ කරපු අලුත්ම සිංහල චිත්‍රපටියක්. කොවිඩ් වසන්ගතයත් එක්ක සිංහල සිනමාපට සිංහල චිත්‍රපට නිකුත්වීම ප්‍රමාද වෙද්දී කල්ගත වෙද්දී කාලෙකට පස්සේ අලුතෙන් ආයෙමත් සිංහල චිත්‍රපටයක් සිනමා ශාලාවල් වලට ඇවිල්ලා තියනවා. ඉතින් කබඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන නව පරපුරේ ජනප්‍රිය නිලි සෙනාලි ෆොන්සේකා මේ චිත්‍රපටය ගැන වගේම රූගත කිරීම් අතරතුරු සොදුරු මතකයන් අපිත් එක්ක බෙදා හදා ගත්තේ මෙන්න මෙහෙමයි. මට මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ හරිම අහම්බයකින්. ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා තමයි මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ.

ඒ කියන්නේ මේ චිත්‍රපටයට මට කලින් අපේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ රංගන ශිල්පීන් වෙත මේ මලිති කියන චරිතය ගිහින් තියනවා. නමුත් ඒ හැම කෙනෙකුටම යම් යම් හේතුන් මත ඒ හැම කෙනෙකුටම මේකට එකතු වෙන්න සිදු වෙලා නැහැ. ඉතින් ඔය අතරතුරේදී කවුද මේ මලිති කියන චරිතය සුදුසු කෙනා කියලා හර්ෂ උඩකන්ද අපේ අධ්‍යක්ෂක වරයත් ඒ වගේම අමිල කරුණානායක අපේ ප්‍රධාන චරිතය කරන අපේ රංගන ශිල්පියාත් හිත හිත ඉන්න මොහොතකදී තමයි මේ ගොල්ලන්ට මාව මතක් වෙලා මම මේ චරිතයට සාධාරණයක් කරයි කියලා හිතන බලාපොරොත්තුවත් එක්ක මේ චරිතයට මට කතා කරන්නේ. හැබැයි ඉතින් එදා මගේ වැඩ කටයුතු නිසා මට එයාලා කතා කලාම මට ඇත්තටම හරියට එයාලත් එක්ක කතා බහ කරන්න වුනේ නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා ඇත්තටම යම් යම් බාදා ගොඩක් මැද්දේ කොහොම හරි දවස් කිහිපයකට පසුව මන් හිතන්නේ අන්තිම මොහොතේ මන් වෙනුවට වෙන කෙනෙක් ගන්න ගිහිල්ලා මොහොතකට කලින් තමයි මට ඔවුන්ට කතා කරන්න හම්බවුනේ.

ඉතින් අර මිස් වෙන්න තිබ්බ චාන්ස් එකක් ටක් ගාලා හම්බුනා වගේ සිදුවීමක් තමයි වුනේ මට මේ කබඩි චිත්‍රපටය ලැබෙද්දී. ඉතින් ඇත්තටම මෙතෙක් මම කරපු සිනමා නිර්මාණ ගත්තහම වෙනස් විදිහේ නිර්මාණයක් කියලා කියන්න පුළුවන් කබඩි චිත්‍රපටය. කබඩි ඇතුළු මන් රංගනයෙන් දායක වුනු චිත්‍රපට තුනක් මේ වෙද්දී ප්‍රදර්ශනය වෙලා තියනවා. ඉතින් මම චිත්‍රපට තව හයක් විතර කරලා තියනවා. ඒවත් ප්‍රදර්ශනය වීමට නියමිතයි. නමුත් කබඩි ඇරෙන්න චිත්‍රපට දෙකක් කලින් ප්‍රදර්ශනය වුණා. ඉතින් ඒ තමයි සිරි පැරකුම් සහ විජයභා කොල්ලය. ඉතින් ඒ වගේම කබඩි කියලා කියන්නේ හින්දි සිනමාවේ තේවර්, දමිල සිනමාවෙන් ගිල්ලි, ඕක්කාඩු කියන චිත්‍රපටවලින් කරපු අපේ සිංහල සිනමාවේ ප්‍රතිනිර්මාණයක් විදිහට හදුන්වන්නට පුළුවන්. ඉතින් මේ චිත්‍රපටය කොපියක්ද, හරියට කරලද, කොහොමද කරලා තියෙන්නේ කියන එක මුලින් ඉදලාම විවේචනය කරනවාට වඩා මන් හිතන්නේ ඒ දේ නරඹලා ඊට පස්සේ විවේචනයක් කරොත් තමයි හොඳ කියලයි මම හිතන්නේ. දැනට හැබැයි නරඹපු සියලු දෙනාගෙන්ම හොඳ තමයි අහන්න ලැබුණේ. ගොඩක් ඇය නොදැකපු පැත්තක් මගේ චරිතයේ දැකල තියනවා.

සාමාන්‍යයෙන් මගේ හැම චිත්‍රපටයකම වගේ මගේ හැම නිර්මාණයකම වගේ මන් කටු කාළා තියනවා. ඒ කියන්නේ දුක් විදලා තියනවා. ඉතින් විජයභා කොල්ලය ගත්තොත් අස්සයාගේ පිටෙන් වැටිලා කොන්ද තාමත් කැඩිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කටු කාලා තියනවා හොඳට. නමුත් මේ කබඩි කියන චිත්‍රපටයේ මම කාපු කට්ට නිසා මන් හිතන්නේ මම රංගන ශිල්පිනියක් විදිහට තවත් ශක්තිමත් වුණා කියලා. අපි රිවස්ටන් වල තමයි ගොඩක්ම මූලික දර්ශන කලේ. ඉතින් එතකොට ඒ දේවල් වලදී මට තිබුණා කටු උඩින් දුවන්න, කූඩැල්ලෝ මෙහෙම පෙනී පෙනී ඉන්නකොට ඒ ගොල්ලන්ගේ උඩ නිදා ගෙන රෝල් වෙලා යන්න. ඊට පස්සේ ඔතන දුවන අවස්ථාවකදී මාව කරේ තියන් යනවා අමිල අයියා, එතකොට ඔහු දුවන අවස්ථාවේ ඇත්තටම ඔහුගේ කකුල පැටලිලා කන්දෙන් පල්ලෙහාට මාව වැටුනා, විසික් වුණා. ඊට පස්සේ ඇත්තටම මම රෝල් වෙලා ගියා. ඒ ටික චිත්‍රපටයට එකතුවෙලා තිබුන්නැහැ. නමුත් ඇත්තටම මම රෝල් වෙලා ගිහිල්ලා කකුල කඩා ගත්තා. ඉතින් මෙවැනි දර්ශනත් එක්ක මම පෞද්ගලිකව මාර මහන්සියක් ගත්තා. ඉතින් ඇත්තටම මාව මෙච්චර ශක්තිමත් කරනවාට මගේ පිටිපස්සෙන් මේ විදිහට ශක්තිය වෙලා ඉන්නවාට මගේ ප්‍රේක්ෂකයින්ට බොහොම ස්තූති කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button