custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මම දේශපාලනයට ආපු විදිහත් කාලෙත් දෙකම වැරදියි – ජනප්‍රිය නිලි උපේක්ෂා ස්වර්ණමාලි කියන කතාව

custom_html_banner1
Spread the love

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. ආදරණීය පුංචි දෝනි කෙනෙක් එක්ක කාලය ගත කරන උපේක්ෂා පහුගිය දවසක පුවත් පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහට තමයි ඇයගේ අලුත්ම කළා කටයුතු ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැනත් කතා බහ කරලා තිබුනේ. මම මේ දවස් වල හොඳින් කාලය ගත කරනවා. හැබැයි තරමක් කාර්යබහුලයි. මේ රටේ තියන තත්වයත් එක්කම රූගත කිරීම් තාමත් සිදු කරනවා. ඒ ගැන ලොකු සතුටක් නැහැ. හිතේ ලොකු බයකින් රූගත කිරීම් කරන නිසාම තරමක් පීඩාකාරී හැඟීමක් තමයි හිතට දැනෙන්නේ.

හිරු නාලිකාවේ අහස් මාලිගා ටෙලිනාට්‍යයේ රූ ගත කිරීම් මේ දවස් වල සිදු කරනවා. ඒ වගේම චරිත් අබේසිංහයන්ගේ තාදි නාට්‍යයේ සහ මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන ආලියා යන ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊටත් අමතරව මෙගා ස්ටාර් රියැලිටි තරඟාවලියේ වැඩ කටයුතු සමඟත් කාර්යබහුල වෙලා ඉන්නවා. ඉතින් මේ මගේ අවසාන රියැලිටි අත්දැකීම වෙන්නත් පුළුවන්. ලබන වසරේ ඉදලාම දරුවාගේ පාසල් වැඩ කටයුතු ආරම්භ වෙන හින්දා මගේ වගකීම් ටිකක් වැඩි වේවි. මේ වගේ රියැලිටි තරඟ වලට වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් වැය කරන්න ඕනේ හින්දා ඒ වගේ අවස්ථාවන් බොහෝ විට මට මඟ හැරිලා යාවි.

මගේ ජනප්‍රියත්වය ආරම්භ වෙන්නේ පුංචි තිරයෙන්. ඒ නිසා මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ ටෙලිනාට්‍ය වලට තමයි. බොහෝ රටවල චිත්‍රපට ශිල්පීන් සහ ටෙලිනාට්‍ය ශිල්පීන් විදිහට වර්ග කෙරෙනවා. නමුත් ලංකාවේ ඒ වගේ තත්වයක් ගොඩ නැගිලා නැහැ. මම චිත්‍රපට කිහිපයකට පෙනී හිටියා. නමුත් රිදී තිරයේ ප්‍රමාණවත් අවස්ථා නොලැබීම ගැන මට අංශු මාත්‍රයකවත් දුකක් නැහැ. මොකද චිත්‍රපට වලට වඩා ටෙලිනාට්‍ය ජනතාවට බෙහෙවින්ම සමීපයි. ඒ නිසා ජනප්‍රියත්වය ගොඩනැගෙන්න ඒක බාදාවක් වෙන්නේ නැහැ. දේශපාලනයට සම්බන්ධ වීම මන් මගේ ජීවිතේ කරගත්ත ලොකුම පාඩුවක්.

මන් දේශපාලනයට අවතීර්ණ වෙන්නේ ලොකු කැමැත්තකින් නෙමෙයි. ඒ වගේම යම්කිසි දේශපාලඥ වරයෙකුගේ බලපෑමකටත් නෙමෙයි. ඒක අතිශයින්ම පෞද්ගලික කාරණාවක්. දේශපාලනයට මන් ආපු විදිහ වැරදියි, ආපු කාලෙත් වැරදියි. ඒකෙන් මට සිදුවුනේ ලොකු පාඩුවක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියේ ආදරණීය ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button