custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ප්‍රවීණ රංගන ශිල්පිනී නීතා සමරනායක උතුම් වු පැවිදි දිවියට පිවිසෙයි

custom_html_banner1
Spread the love

ප්‍රවීණ රංගන ශිල්පිනී නීතා සමරනායක මහත්මිය ගෞතම සම්බුද්ධ සාසනයට ඇතුල් වී තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට ඇය පූජ්‍ය ධම්ම සතිමා බික්ඛුනීන් වහන්සේ යනුවෙන් හදුන්වනු ඇති.

චන්ද්‍රරත්න මාපිටිගම මහතා අධ්‍යක්ෂණය කල කලු දිය පොකුණ නාට්‍යයේ කාන්ති ලෙසින් රංගනයට අවතීර්ණ වී වසුදා, ගෞතමී, ඉදි කඩුල්ල, හැන්දෑව, අමන්දා වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය තුලින් තම සුවිශේෂී රංගන ප්‍රතිභාවෙන් හැඩකල ප්‍රවීණ නිලි නීතා සමරනායක මහත්මිය මෙවනපලානේ සිරි ධම්මාලංකාර මහරහතුන් වහන්සේගේ සිරි සද්ධම්ම ශ්‍රාවිකා නීතා සමරනායක මහත්මිය 2021 වෙසක් මස 22වන දින මීරිගම පරම නිබ්බාන ධර්මයතනයේදී පූජ්‍ය ධම්ම සතිමා බික්ඛුනීන් වහන්සේ ලෙස ගෞතම බුද්ධ සාසනයේ පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

ඉතින් මේ බුද්ධ සාසනයේම උන් වහන්සේට උතුම් වූ අරහත් මග පල පූර්ණ කර ගෙන පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වීමට හැකියාව ශක්තිය ලැබේවායි අපි සියලුම දෙනා අධිෂ්ඨාන කරමු.

 

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button