custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

ජනපති පත් කළ කමිටුව පිළි නොගනී

custom_html_banner1
Spread the love

පාස්කු ඉරිදා  සිදුවිම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත් කරුණු අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය කමිටුව තමන්ට පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කටුවපිටිය ජනතාව අද සංවිධාන කර තිබූ විරෝධතාවක් අතරතුරදියි.

අමාත්‍ය චමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් ඊයේ පත් කළ අතර, අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන එහි සෙසු සාමාජිකයින්.

අදාළ වාර්තා අධ්‍යයනය කර ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මස 15 වනදා වනවිට තමන්ට භාරදෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු ඇතුලු සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් පාස්කු ඉරිදා  සිදුවිම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය 1 වනදායි.

අනතුරුව එහි පිටපතක් තමන් වෙත භාරදෙන ලෙස කාදිනල් හිමිපාණන් විසින් ඉල්ලීමක් කළ අතර, අදාළ කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කළේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් අද කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්වුණා. අනතුරුව විරෝධතාව පැවති ස්ථානයට කාදිනල් හිමිපාණන් පැමිණීමත් සමග රැස්ව සිටි ජනතාව සිය ගැටළු සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

custom_html_banner1

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button