custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ඉන්දියාවේ Black Fungus රෝගීන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් – ප්‍රථම වරට දරුවෙකුටත් වැළඳෙයි

custom_html_banner1
Spread the love

කොවිඩ්-19 වසංගතයෙන් හෙම්බත් වී සිටින ඉන්දියාවෙන් මේ වන විට black fungus රෝගීන් 8,800කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

සාමාන්‍යයෙන් දුර්ලභ දිලීර ආසාදනයක් වන මෙම black fungus හෙවත් mucormycosisහි මරණ අනුපාතය 50%ක් වන අතර ඇතැම් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඇස් පවා ඉවත් කිරීමට සිදුව තිබේ.

නමුත් ගතවුණු මාස කිහිපයේ සුව වුණු කොවිඩ් රෝගීන් සහ සුව වෙමින් පවතින කොවිඩ් රෝගීන් දහස් ගණනකට මින් බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරුන් පවසන්නේ, මීට කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ස්ටෙරොයිඩ් ඖෂධ සමග සම්බන්ධයක් ඇති බවත් දියවැඩියා රෝගීන් විශේෂයෙන් මේ හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවත් ය.

එමෙන් ම, කොවිඩ්-19 සුවවී දින 12 සිට 18ක කාලය තුළ මෙම black fungus වැළඳෙන බව පෙනෙන්නට ඇති බව ද වෛද්‍යවරු පවසා තිබේ.

ඉන්දියාවෙන් වාර්තා වී ඇති black fungus රෝගීන්ගෙන් අඩක් පමණ වාර්තා වී ඇත්තේ, එරට බටහිර ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලින් ය.

අවම වශයෙන් තවත් ප්‍රාන්ත 15කින් රෝගීන් 8ත් 900ත් අතර සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

custom_html_banner1

Black fungus රෝගීන් වැඩිවීමත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත 29කට මෙම රෝගය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට ද දැනුම් දී ඇත.

එමෙන් ම, මේ වන විට එම රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අලුතෙන් විවෘත කරන ලද වාට්ටු ද වේගයෙන් පිරී යන බව වෛද්‍යවරු පවසති.

මේ අතර, Black fungus රෝගය ඉන්දියාවේ දරුවන්ට ද බලපෑම් එල්ල කරමින් පවතින බව එරට මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ Black fungus හි කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ගුජරාට් ප්‍රාන්තයේ වයස අවුරුදු 15ක දරුවෙකුට ද එම රෝගය වැළඳී තිබේ.

එරට දරුවෙකුට Black fungus රෝගය වැළඳුණු ප්‍රථම අවස්ථාව මෙය බව ඉන්දියානු වෛද්‍යවරු පවසති.

ඉකුත් අප්‍රේල් මස කොවිඩ්-19 රෝගයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය වයස අවුරුදු 15ක දරුවෙකුට මෙලෙස black fungus රෝගය වැළඳී ඇත.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවර බවත් තවත් දින දෙකකින් හෝ තුනකින් ඔහු රෝහලෙන් පිටත් කර යැවිය හැකි බවත් අදාළ දරුවා ප්‍රතිකාර ලබන රෝහලේ ළමා වෛද්‍යවරයෙකු පවසා තිබේ.

කොවිඩ්-19 රෝගයෙන් සුවය ලබා සතියකට පසු මෙම දරුවා black fungus රෝග ලක්ෂණ ගැන පෙන්නුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

තාරක සම්මාන්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button