custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

විශ්වවිද්‍යාල අයැදුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්

custom_html_banner1
Spread the love

2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම් පත්‍ර භාර ගැනීම ජූනි මස 11 වන දා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉකුත් සිකුරාදා (මැයි 21) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම් පත්‍ර භාර ගැනීම ආරම්භ කරනු ලැබීය.

එමෙන් ම, උද්ගතව ඇති වසංගත තත්ත්වය මත පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් අදාළ අයැදුම් පත්‍ර ඉදිරිපත් කිරීමේදී පාසලෙන් ලබාගත යුතුව ඇති කිසිදු සහතිකයක් නොමැතිව ඉන්ටර්නෙට් ඔස්සේ තමන්ගේ කරුණු කාරණා පමණක් ඇතුළත් කර අයැදුම් පත්‍ර යොමු කළ හැකි බව ද මහාචාර්යවරයා එහිදී සඳහන් කළේ ය.

ඒ අනුව පාසල් හැර යාමේ සහතික, විදුහල්පතිතුමාගේ සහතිකය ආදී සහතික දැනට පවතින ක්‍රමවේදය ඔස්සේ අවශ්‍ය නොවේ.

ඊට අමතරව අදාළ පාසල් අයැදුම්කරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ද එහි ඇමිණිය යුතු නොවේ.

පෞද්ගලික අයැදුම් කළ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඔවුන්ගේ පදිංචිය සහතික කිරීම, ග්‍රාම නිලධාරී සහතික ලබා ගැනීම ද අවශ්‍ය නොවන බව මෙහිදී මහාචාර්යවරයා සඳහන් කළේ ය.

custom_html_banner1

ඒ අනුව, පෞද්ගලික අයදුම්කරුවන් ද අදාළ අයැදුම් පත්‍ර තමන් සතුව ඇති දත්ත අනුව සම්පූර්ණ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු ය.

සංචරණ සීමා අවසන් වී පාසල් විවෘත කළ පසුව අවශ්‍ය සහතික ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, සංචරණ සීමා පවතින මෙම කාල සීමාව තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමේදී ඉන්ටර්නෙට් ඔස්සේ පමණක් අයැදුම්පත් යොමුකිරීම ප්‍රමාණවත් බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසී ය.

අයැදුම් පත් යොමු කළ යුතු ඊ මේල් ලිපිනය – apply2020@ugc.ac.lk

තාරක සම්මාන්
Source – Mawbima.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button