custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සුවය ලබා නිවෙස් කරා යන කොවිඩ් රෝගීන් අතරමග දමා යන ප්‍රවාහන ජාවාරමක්

custom_html_banner1
Spread the love

කොවිඩ්-19 වැළඳී යාපනයේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා නිවෙස් බලා යාමට සිටින පුද්ගලයන්ගෙන් අධික ලෙස ප්‍රවාහන ගාස්තු අය කර ගන්නා කූට ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති එස්.ඒ.යූ.පී. කුලතිලක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ, ආසාදිතයින් බස් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙන ගිය ද සුව වූ පසුව ඔවුන් නිවෙස් වෙත ගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව ය.

සංවිධානාත්මක කණ්ඩායමක් සුව වූ රෝගීන් නිවෙස් වෙත රැගෙන යාමට පහසුකම් සපයන බව පවසා නිවෙස් බලා යාමට සූදානම්ව සිටින කණ්ඩායමකින් රුපියල් 18,000 බැගින් ලබා ගන්නා බව කුලතිලක මහතා පැවසීය.

‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, එලෙස රැගෙන යන පුද්ගලයන් නිවෙස්වලට ම රැගෙන නොයා ගම්පහ, දිවුලපිටිය වැනි ස්ථානවල අතරමග ඔවුන්ව දමා යන බවට වාර්තා වී ඇති බවය.

එම අවස්ථාවලදී නිවෙස් කරා යාමට ගොස් අතරමග ස්ථානවල දමා යාම හේතුවෙන් අදාළ පුද්ගලයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇමතුම් ලබා දී දෝෂාරෝපණය කරන බව ද කුලතිලක මහතා පැවසීය.

නිවසට පැමිණ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන ගිය ද සුව වූ පසු නිවසට යාමට ප්‍රවාහන පහසුකම් ලබා නොදීම පිළිබඳව ඔවුන් එලෙස මහජන පරීක්ෂකවරුන්ට චෝදනා කරන බව කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ප්‍රතිකාර ලබා සුව වන පුද්ගලයන්ට අදාළ මධ්‍යස්ථානවල සිට නිවෙස්වලට යාමට වාහනයක් පැමිණෙන තෙක් දින ගණනක් බලා සිටීමට සිදු වන බව ය.

custom_html_banner1

එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන විවිධ කණ්ඩායම් අදාළ පුද්ගලයන් තම නිවෙස් කරා රැගෙන යාමට පෞද්ගලික ප්‍රවාහන සේවා ලබා දෙන බවත් පසුව ඔවුන්ව රැගෙන ගොස් අතරමග ප්‍රදේශවල දමා යන බවත් කුලතිලක මහතා පැවසීය.

බර්ටි වීරසිංහ – කටාන
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button