custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සිංහල සිනමාවේ සිහින කුමරා කියන හේමාල් බොලිවුඩ් චිත්‍රපටයක?

custom_html_banner1
Spread the love

2014 වසරේ තිරගතවූ ප්‍රවේගය චිත්‍රපටය සමග සිංහල සිනමා රසිකයන්ගේ වඩා වැඩි ආකර්ශණයක් දිනාගන්නට හේමල් රණසිංහට හැකියාව ලබුණා. එතැන් සිට අද වනතුරුම සිංහල සිනමාවේ සිහින කුමාරා ලෙසින් වැජෙබන්නට ඔහුට පුළුවන් වී තිබෙනවා. සිංහල සිනමාවේ සිහින කුමාරා වූ ඔහු ඉන්දියානු සිනමා නිර්මාණයකින් මුල්වරට දකින්න ලැබන බවට තොරතුරු වාර්ථාවනවා. ඒ සෙකන්ඩ් ශෝ චිත්‍රපටයයි. මෙ වන විට චිත්‍රපටය ප්‍රදර්ශණය සදහා මූලික කටයුතු සූදානම් බවයි ඉන්දියාවෙන් වාර්ථාවෙන්නේ.

A.T Gnanam නම් නවක ඉන්දියානු සිනමා අධ්‍යක්ශකවරයාගේ කුලුදුල් සිනමාපටය ලෙස සෙකන්ඩ් ශෝ කොලිවුඩ් සිනමාවට එක් වෙනවා. මෙම චිත්‍රපටය දමිල හා සිංහල භාශා දිත්වයෙන්ම රූගත කොට ඇතැයි වාර්ථාවෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හේමාල් රණසිංහ සමග ජනප්‍රිය මරාති නිලි පල්ලවි සුභාශ් එක්වන බවයි වාර්ථාවන්නේ. ඇය මීට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ශණය කල යශෝධරා චිත්‍රපටය හරහා සිංහල රසිකයන්ට සමීප වුනා. ඔවුන් දෙදෙනාට අමතරව කොලිවුඩ් ෆිල්ම් ෆෙයර් සම්මාන ලාබී ජනප්‍රිය නලු අජ්මල් අමීර්ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා. ඔවුන්ට අමතරව කොලිවුඩ් නිලි විද්‍යා ප්‍රදීප්, තෙලිගු නිලි අක්ශතා සොනාවනේ, ගුජරාටි නිරූපන ශිල්පිනී පූජා මොන්ඩාල් මේ චිත්‍රපටයේ රංගනයෙන් එකතුවෙනවා.

Suspense Thriller Fantasy ඝනයය අයත් මෙම චිත්‍රපටය 2019 වසර නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක පුරාවටම එංගලන්තයේ ලන්ඩන් හා බර්මින්හැම් නගර කේන්ද්‍ර කරගනිමින් රූගත කෙරුනා. මෙම චිත්‍රපටයේ සිංහල දෙබස් රචනය සිනමා අධ්‍යක්ශක තිසර ඉබුලාන විසින් සිදුකර තිබුණා.

2011 වසරේ සුපර්සික්ස් සමග සිංහල සිනමාවට පැමිණි හේමාල් රණසිංහ, ප්‍රවේගය , සූම්, බන්ධනය, තාල, යූටර්න් ඇතුලු චිත්‍රපට 18කට දායක වී ඇති අතර ඉන් 10ක් මේවන විට තිරගත වීම් අවසන්ව තිබෙනවා. කලම්බො, අයිස්ක්‍රීම්, ආශාවරී ඇතුලු තවත් චිත්‍රපට 8ක් ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. කෙසේ වුවත් සෙකන්ඩ්ශෝ හේමාල් රණසිංහගේ 18 වන චිත්‍රපටය සේම ඔහුගේ රංගනය දැකගත හැකි පලමු විදේශීය චිත්‍රපටයයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button