custom_html_banner1
දේශීය පුවත්

විදේශ ණය කියන්නෙ උගුලක්, ණයට කරන මහා පරිමාණ ව්‍යාපෘති නවත්තන්න වෙනවා – ජනපති ලේකම් කියයි

custom_html_banner1
Spread the love

මින් ඉදිරියට විදේශ ණය මත ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ නොකරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා. ඉදිරි කාලය තුළ විදේශ ණය ලබා ගැනීම හැකිතරම් සීමා කර රාජ්‍ය වියදම් සඳහා දේශීය වශයෙන් අරමුදල් සපයා ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති ලේකම්වරයා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබෙන්නේ.

විදේශ ණය යනු උගුලක් ලෙස හඳුන්වා ඇති ජයසුන්දර මහතා එම ණය උගුලෙන් බේරිය යුතු බවත් ණය උගුලෙන් ගැලවෙන තුරු මන්දගාමී ලෙස ඉදිරියට යායුතු බවත් සඳහන් කරනවා. ඒ අනුව දැනට සැළසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය පහසුකම් පමණක් ලබා ගැනීම රජයේ අරමුණ වී තිබෙනවා.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසඳීමේදී මෙරට යටිතල පහසුකම් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, එම පහසුකම් භාවිතා කරමින් ආදායම් උපදවා ගතයුතු බවත් ජයසුන්දර මහතා පවසනවා. තව වසර කිහිපයක් යනවිට රටපුරා විහිදුණු අධිවේගී මාර්ග පද්ධතියක් තිබෙන බව පෙන්වා දෙන ජයසුන්දර මහතා පවසන්නේ විදුලි හෝ උමං දුම්රිය මාර්ග ඉදිකිරීම වැනි ව්‍යාපෘති ආරම්භ කිරීම දැනට තිබෙන ණය ප්‍රමාණයත් සමග අපහසු බවයි.

අනාගත ලෝකයට ගැලපෙන පරිදි ආහාර සුරක්ෂිතතාවය, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය වැනි අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කරනවා.

Courtesy – Lankanewsweb 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button