custom_html_banner1
දේශීය පුවත්

ජනපති නියමයෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර සඳහා ආයුර්වේද රෝහල් 50ක්

custom_html_banner1
Spread the love

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් ලබාදුන් උපදෙස් පරිදි ආයුර්වේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (23දා) තීරණය කළේය.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩිගේද සහභාගිත්වයෙන් යුතුව පැවැති මෙම සාකච්ඡාවේදී ආයුර්වේද රෝහල් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කිරීමත් සමඟ ඇඳන් 3500ක ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා එක්වේ.

මෙම සාකච්ඡාවේදී කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා කරන ලද ආයුර්වේද රෝහල්වල සේවය කරන සියලු සෞඛ්‍ය මණ්ඩලවලට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීමටත්, සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් එන්නත් කිරීමටත් තීරණය කරන ලදී.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button