custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මල් කඩේ මිස් නැති හින්දා රටම දුකින් – මල් බිස්නස් අතහැර සංගීතෙන් ඉවත්ව ගිය මල් කඩේ මිස් දැන් ගෙවන ජීවිතේ

custom_html_banner1
Spread the love

රන්දිමා මිස් කියලා කියන්නේ සංගීතේ ටෙලිනාට්‍යයේ ඉන්න මල් කඩේ මිස්. ඉතින් ඇය ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණේ මේ ටෙලිනාට්‍යයේ රඟපෑමත් එක්කයි. ඇය අවිශ්කා උමයංගි කළුබෝවිල කියන්නේ. අවිශ්කා කලාවට එන්න කලින් 2018 වර්ෂයේදී දෙරණ අවරුදු කුමරිය බවට පත්වෙන්නේ ඇයයි.

ඉන් පසුව දෙරණ නාලිකාවේම විකාශය වුනු විවිධ ටෙලිනාට්‍ය කොටස් වලට සම්බන්ද වන ඇය ඉන් පසුව තමයි සංගීතේ ටෙලිනාට්‍යට එන්නේ. ඇයගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි පවුලේ එකම දරුවා තමයි අවිශ්කා. ඇය අධ්‍යාපනය ලබන්නේ ගම්පහ යශෝධරාදේවි බාලිකා විද්‍යලයේ කලා විෂයන්ගෙන්.

2016 අවුරුද්දේ තමයි ඇය උසස්පෙළ විභාගයට පෙනී සිටින්නේ. ඉතින් කලාවට පැමිණීමත් එක්ක වෘත්තියක් වශයෙන් රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් නැහැලු.

ලැබෙන වැඩ අනුව ක්ෂේත්‍රයේ රැඳී ඉන්න හිතාගෙන ඉන්නව කියලයි ඇය කියන්නේ. ඒ වගේම පාසල් කාලෙ නම් අවිශ්කාගේ හීනය වෙලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඉතින් බොහෝ ජනප්‍රිය චරිත වලට සමාජ මාධ්‍යන් ඔස්සේ විවිධ කට කතා නිර්මාණය වෙනවා ඒ ගැන ඇය නම් කියන්නේ කටකතා හැදෙන විදිහෙ වැඩ කරන්නෙ නැහැ, ගාණට මගේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මට කටකතානම් හැදෙන එක්ක නැහැ කියල ඇය කියනවා. ඒ වගේම ඇයට පෙම්වතෙක් ඉන්නවලු ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් කියලයි දැනගන්න ලැබෙන්නේ. එයාව හම්බවෙලා තියෙන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් කියලයි අවිශ්කා කියන්නේ.

ඒ වගේම අවිශ්කාට ආදර ආරාධනා නම් ගොඩක් ලැබිල තියෙනවලු. නමුත් මීට අවුරුදු දෙකකට විතර පෙර ඇය ආදර සබඳතාවක් පටන් ගත්ත. ඒ ආදරය තමයි තවමත් මා ළඟ තියෙන්නෙ කියල ඇය කියනවා. ජිම් එකේදී මුණගැහිලා කතාකරලා තමයි දෙදෙනා කතාකරලා එකතු වෙලා තියෙන්නේ.

නමුත් ඉස්කෝලේ යන කාලේ නම් ඇය කිසිම ප්‍රේම සම්බන්දයක් පවත්වලා නැහැලු. ඇරයුම් ලැබුනත් ඒවාට ඒකාලයේ වැඩි තමක් දුන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ අම්මා තමයි හොඳම ප්‍රේක්ෂිකාව කියලා කියන්නේ. මුල් කාලයේදී වගේම දිරිමත් කරනවා. තාත්තා මුලින්ම ඇය කලාවට එනවට වැඩිය කැමති වුනේ නැහැලු. ඔහු විදෙස් රටක හිටියත් එහේ ඉඳගෙන අමතක නොකර ඒ වේලාවට දිගටම නාට්‍යය බලනවා. ඒ වගේම මඟ තොටේදිත් බොහෝ දෙනා ඒ ගැන කතා කරලා ඇයට හොඳයි කියලා කියනවාලු.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button