custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

එකට එකතු වී සටන් වදිමු – රෝහල්ගතව සිටින සජිත්ගෙන් පණිවුඩයක්

custom_html_banner1
Spread the love

කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙනවා. කෙසේ නමුත් ඔහුට රෝග ලක්ෂණ කිසිවක් පහළ වී නොමැත.

ඊයේ දිනයේදී කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ජලනි ප්‍රේමදාස මහත්මිය රෝහල්ගත වූ අතර එහිදී සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වූයේ ඇයට වෛරසය ආසාදනය වී ඇති බවයි. ඉන්පසු සජිත් ප්‍රේමදාස මහතාද PCR පරීක්ෂණය සඳහා පෙනී සිට තිබෙනවා. අද පෙරවරුවේ ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

කොළඹ ආශා සෙන්ට්‍රල් රෝහලේ සජිත්-ජලනි යුවළ ප්‍රතිකාර ලබමින් සිටී.

විපක්ෂ නායකයා රෝහලේ සිටිමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරන්නේ මෙම අතිශය අසීරු අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉදිරියට කරගෙන යාමට තවදුරටත් කැප වී සිටින බවයි. සමගියෙන් කටයුතු කළහොත් මෙම වසංගත තත්වය පරාජය කළහැකි බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වියයුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ජලනි ප්‍රේමදාස මහත්මියද කොවිඩ් ප්‍රතිශක්තීකරණය එන්නත් කිසිවක් ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ රටේ ජනතාව සියලු දෙනාටම එන්නත් ලබාදෙන තුරු තමා එන්නත් ලබා නොගන්නා බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button