custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

custom_html_banner1
Spread the love

පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික් රෝහල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ, මෙම මාර්ගොපදේශ පිළිබඳ අදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.

එම මාර්ගෝපදේශ අනුව, පරීක්ෂණ කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කර ඇත්නම් පමණි.

සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය/නිවස ඇතුළත හුදෙකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතුය.

රෝගියාට කොවිඩ්-19 වැළඳී වී ඇතිනම් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයට අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට සහ රෝගියාට දැනුම් දීම රෝහලේ බලධාරීන්ගේ වගකීමකි.

රෝගීන් වගකිව යුතු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බලයලත් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතුය.

යම් පෞද්ගලික රෝහලක් මෙම මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු නොකරන්නේ නම් පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට රෝහලට දී ඇති අවසරය අවලංගු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නිකතු කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

custom_html_banner1

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button