custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මේ වතාවේ මිනිස්සු මට වැඩිපුර බ’නීවි, මට කවුරුවත් මඟපෙන්වන්න හිටියේ නැහැ – තනියම ජීවිතේ ජයගත් හැටි ගැන සරාගී ටීනා කියයි

custom_html_banner1
Spread the love

ජීවිතේ ශේප් එකේ ගතවෙනවා. මේ දවස් ටිකේ මගේ නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා.

ටීනා වෙනස් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා නේද? 

ඔව්. මම “හෝන්” කියලා ත්‍’රාසජනක චිත්‍රපටයක රඟපෑවා. විවිධ රසවලට මිනිස්සු කැමතියි. ත්‍රා’සජනක චිත්‍රපට නරඹන පිරිසකුත් අපි අතර ඉන්නවා. ඒ චිත්‍රපටය තේරුම් ගන්න අමා’රු වෙනස්ම චිත්‍රපටයක්. ගින්දරී 2 චිත්‍රපටයේත් මම රඟපෑවා. ඒක තවම තිරගත කළේ නැහැ. ඒ චිත්‍රපටයට ලොකු පිරිසක් සම්බන්ධ වුණා.

ඒ චිත්‍රපටයටත් ප්‍රේක්ෂකයන් කැමති වෙයි කියලා මම හිතනවා. මේ තියෙන වාතාවරණයත් එක්ක චිත්‍රපට තිරගත කරන්න බැරි නිසා මම ඉදිරියේදී ටෙලිනාට්‍යවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න කැමතියි. චිත්‍රපට ආවොත් භාරගන්නවා. ඒත් වැඩි කාලයක් ගත කරන්න කැමති ටෙලිනාට්‍ය එක්ක සහ නිරූපණ වැඩ කටයුතු එක්ක.

මේ දවස්වල නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කොහොමද? 

නාට්‍යක ඉන්න නිසා නිරූපණ කටයුතුවලට වැය කරන්න ලොකු කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් මම කාලය කලමනාකරණය කරගෙන නිරූපණ වැඩ කටයුතුත් කරන්න කැමතියි.

නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද? 

custom_html_banner1

දැන් අවුරුදු දහයකට වැඩියි.

ඒ අවුරුදු දහය ගැන මොකද හිතෙන්නේ? 

ලොකු සතුටක් දැනෙනවා. මට ආසාව තිබුණේ නිරූපිකාවක් වෙන්න. ඒ අවුරුදු දහයට මම ලොකු ගමනක් ඇවිත් තියෙනවා. මට කවුරුත් මඟපෙන්වන්න හිටියේ නැහැ. මම තනියම පැජන්ට්වලට ගිහිල්ලා ජයග්‍රහණය කරලා තනියම මේ ගමන ආවේ. ඒ ගමන සාර්ථකයි කියලා හිතෙනවා.

දැන් කොහේ බැලුවත් නිරූපිකාවෝ වැහි වැහැලානේ? 

දැන් නිරූපණ ක්ෂේත්‍රය මිනිස්සු ගණන් ගන්නෙම නැති තැනකට පත් වෙලා. ක්ෂේත්‍රයේ ඉන්න අය කරන දේවල් දකිනකොට ක්ෂේත්‍රයට මිනිස්සු ඇඟිල්ල දික් කරලා බ’නින වා. ඉස්සර නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු අයට සමාන කරන්න පුළුවන් පිරිසක් තවමත් මගේ පරම්පරාවෙන් බිහිවෙලා නැහැ. දැන් නිරූපණ ක්ෂේත්‍රයේ හැම පැත්තෙන්ම දක්ෂතා තියෙන අය නැහැ. සමහරුන්ට රඟපාන්න බැහැ. සමහරුන්ට නටන්න බැහැ. හැමදෙයකටම දක්ෂ කීපදෙනෙක් විතරයි ඉන්නේ. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයේ කඩා වැටීමක් තියෙන්නේ.

හැම නිරූපිකාවක්ම උත්සාහ කරන්නේ රංගනයට එන්න? 

මගේ වකවානුවේ කීපදෙනෙක් ඉන්නවා නිරූපණ ක්ෂේත්‍රයෙන් ඇවිල්ල දක්ෂතා එක්ක හොඳ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වුණු. නමුත් දැන් නිරූපණ ක්ෂේත්‍රයෙන් රඟපාන්න යන එක ෆැෂන් එකක් වෙලා. අධ්‍යක්ෂවරුත් ලස්සන තිබුණු පලියට නිරූපිකාවෝ රඟපාන්න ගන්නවා.

එයාලට රඟපාන්න බැහැ, දෙබස් කියන්න බැහැ. දැන් ඒක රැල්ලක් වෙලා. රංගනය ගැන හදාරලා ක්ෂේත්‍රයට එන අය දැන් අඩුයි. මම මුලින්ම දේදුනු ආකාසේ චිත්‍රපටයට සම්බන්ධ වෙනකොටත් මහේන්ද්‍ර පෙරේරා සර්ගේ වැඩමුළුවලට සහභාගී වෙලා කාලයක් චරිතයට සූදානම් වෙලයි රඟපෑවේ. ඒත් දැන් නිරූපණ ක්ෂේත්‍රයට එන අය එන්නේම ෆොටෝශූට් දෙක තුනක් කරලා රඟපාන්න බලාගෙන.

දෙකෙන් එකක්වත් හරියට නොකරන එකෙන් වෙන්නේ ඒ අය නිසා ක්ෂේත්‍ර දෙකම කඩා වැටෙන එක. දක්ෂ කලාකරුවන් පවා කලාවෙන් ඉවත් වෙන්න මේක හේතුවක් වෙලා. දක්ෂතාව තියෙන අය නෙමෙයි වැඩ බැරි අය තමයි මේක ඇතුළේ වැඩිපුර නටන්නේ. දඟලන්නේ.

ඉදිරි වැඩකටයුතු මොනවාද? 

කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ බොහොම පරිස්සමෙන් කරගෙන ඉන්න වෙලා තියෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ දිගටම කරගෙන යනවා. ඒ අතරතුර එන ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. තව ටෙලිනාට්‍ය කීපයකට ආරාධනා ඇවිත් තියෙනවා. මගේ නිරූපණ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන විදිහටයි ඒවා භාරගන්නේ.

නිර්මාණි බණ්ඩාරනායක 

Courtesy – Saaravita 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button