custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

රථ වාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා පොලිසිය විසින් 2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ්-19 වසංගතය හමුවේ ගෙවීමට නොහැකිවූ රථ වාහන දඩ පත්‍රිකා, අතිරේක දඩ මුදල් අය කිරීමකින් තොරව ගෙවීමට සහන කාලයක් ලබා දී තිබේ.

ඒ අනුව, එම දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා ගෙවීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබුණු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

එමෙන් ම, මෙම වසංගත කාලය තුළ, ඉදිරියේදී නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා ද ගෙවීමට සම්මත දින 14ක කාල සීමාව ඉක්මවා ගිය ද දිවයින පුරා ඕනෑ ම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් අතිරේක දඩ මුදලක් රහිතව, ගෙවීම් සිදු කිරීමට ඉඩ සලසා ඇති බව ඒ මහතා පැවසීය.

තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සහන කාලය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවය.

තාරක සම්මාන්
Source – Mawbima.lk

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button