custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙක් දඹුල්ල නගරයෙන් හමුවෙයි (VIDEO)

custom_html_banner1
Spread the love

දඹුල්ල නගරයේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙකු නගරවාසීන් සහ පොලිසිය එක්ව අද (22) උදෑසන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට පොහොර බෑගයක පුද්ගලයකු සිටින බවට දැක ඇති අයෙක් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසුවයි ඔහු සොයාගෙන ඇත්තේ.

මෙම තරුණයා මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැත්තෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගෙන තිබේ.

මොහු කුමන කාරණයක් සඳහා දඹුල්ලට පැමිණියේ ද, කුමක් හෝ කරදරයක පැටලී ඇද්ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තවමත් අනාවරණය වී නැහැ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button