custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

භූ කම්පා හේතුවෙන් චීනයේ පළාත් දෙකකට පීඩා

custom_html_banner1
Spread the love

අද (මැයි 22) බටහිර චීනයේ චිංහායි පළාතේ මැගිනිටියුඩ් 7.4 ක ප්‍රබල භූ චලනයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් එම භූ චලනයෙන් සිදු වූ හානිය සමබ්න්ධයෙන් චීන බලධාරීන් මෙතෙක් කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැත.

එමෙන් ම, චීනයේ යූනාන් පළාතේ ද ඊයේ (මැයි 21) රාත්‍රියේ මැගිනිටියුඩ් 6.4ක භූ චලනයක් සිදු වී ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම භූ චලනය හටගත් ස්ථානයේ සිට 5km දුරකට බලපා ඇති අතර ඒ හේතුවෙන් නාය යෑම් සමග සමහරක් මාර්ග ද කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ චලනය හේතුවෙන් 134,000ක ජනතාවක් සිටින යූනාන්හි ඩාලි නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.

අම්රා ලියාකත්
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button