custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

වෛද්‍ය උපදෙස් නොතකා සංචරණ සීමා ඉවත් කළොත් සිය ගණනින් මරණ සිදු වේවි

custom_html_banner1
Spread the love

රජය මගින් පනවා තිබෙන සංචරණ සීමාවන් වෛද්‍ය උපදෙස් නොතකා දින 14 කට පෙර ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නම්, ඉදිරියේදී මෙම කොවිඩ් වසංගත රෝගයෙන් මිය යන සංඛ්‍යාව සිය ගණනක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පැවැසීය.

මීට පෙර පනවා තිබූ සංචරණ සීමා අත්හදා බැලීමක් වූ අතර එහි විද්‍යාත්මත පසුබිමක් නොතිබූ බව ද ඒ මහතා පැවසීය.

එම සංචරණ සීමා කාලය ද අතරමග දී ඉවත් කිරීමට කටයුතු කර තිබූ බවත් එසේ ඉවත් කිරීම ද එක් ආකාරයකින් අපරාධයක් බවත් ඒ මහතා පැවසීය.

මෙවැනි කොරෝනා ආසාදිත රෝගීන් රඳවා තැබීම සඳහා ඇඳන් දස දහසකින් යුත් මධ්‍යස්ථාන හැදුවත් දැන් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව ඉදිරියේදී දින දෙකකට වරක් ඇඳන් දස දහස බැගින් හදන්න සිදුවනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කුමුදු උපුල් ශාන්ත
Source – Mawbima.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button