custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

”මාධ්‍ය හරහා ජනතාව බියට පත් නොකර මුලින් මට කියන්න” – ජනපති බලධාරීන්ට කියයි

custom_html_banner1
Spread the love

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුව ම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (මැයි 21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

එමෙන් ම මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බවත් ජනතාව වෙනුවෙන් ඕනෑ ම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බවත් එහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව, වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

තාරක සම්මාන්
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button