custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

තුනෙන් දෙක පෙන්නුවේ නැත්තේ ඇයි – පොහොට්ටුව කථානායකගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

custom_html_banner1
Spread the love

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ඡන්ද දෙකක් අඩුවෙන් ගණනය කිරීම නිසා ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ප්‍රදර්ශනය නොවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ විමර්ශනයක් සිදු කරන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී ඒ සම්බන්ධයෙන් ලැබුණු නියම ජනතා නියෝජිත කැමැත්ත පෙන්නුම් නොකිරීම අපි හිතන්නෙ ඉතා බරපතළ තත්වයක් හැටියට. මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා, මෙවැනි දෙයක් සිදුවුණේ කොහොමද, ඒ කියන්නෙ තුනෙන් දෙකක අති බහුතරයක් ලැබිච්ච අවස්ථාවක ඒ බව පෙන්නුම් නොකළේ ඇයි කියන එක සම්බන්ධයෙන් විශේෂ වූ විමර්ශනයක් සිදුකරන ලෙස ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවේදී” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඊයේ දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ඡන්ද ගණනය කිරීමේදී සිදුවූ යම් අතපසුවීමක් හේතුවෙන් අධිකරණ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ සහ ජයරත්න හේරත් මන්ත්‍රීවරයාගේ ඡන්ද දෙක නොමැතිව ඡන්ද 149ක් වශයෙන් එකතුව සටහන්ව ඇති බවකි.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button