custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් ආසාදිත දරුවන් දහසක්

custom_html_banner1
Spread the love

තුන්වැනි කොවිඩ් රැල්ලේ දරුවන් අතරත් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් අවුරුදු ‍ෙදාළහෙන් පහළ දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ඉතා වැදගත් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

දරුවන් දහසකට වැඩි පිරිසකට මෙම රෝගය ආසාදනය වී ඇති බැව් වාර්තා වන බවද, ඉන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ දරුවන් 05 දෙනකු මියගොස් ඇති බවද ඒ මහතා පැවැසීය.

රිජ්වේ ළමා රෝහල තුළද මෙවැනි දරුවන් තුන්සියයක් පමණ ප්‍රතිකාර ලබා ඇති බවද, එම දරුවන් අතරින් පිරිසක් කොළඹ අයි.ඩී.එච්. රෝහල ඇතුළු වෙනත් රෝහල් වෙත මාරුකර යවා ඇති බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් දරුණු විය හැකි බැවින් දරුවන් නිවෙස්වලින් පිටතට නොයැවීමට මවුපියන් වගබලා ගත යුතු බවද ඒ මහතා මේ පිළිබඳව කරුණු දක්වමින් වැඩිදුරටත් පැවැසීය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button