custom_html_banner1
විශේෂාංග

මට තවම එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ – රටම ආදරේ කරන සකූ කියන කතාව

custom_html_banner1
Spread the love

වයස් භේදයකින් තොරව ‘සකූ’ චරිතයට ඔබ ආදරය කළා. සකූව අපට හමුවන්නේ ‘සකූගේ කතාව’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් තුළින්. ඉතින් එදා සකූගේ කතාව අද ‘සකූගේ ලෝකය’ ලෙස අපට නැවතත් නරඹන්නට පුළුවන්. සකූ චරිතයට ජීවය දෙන සම්මානලාභී ළමා තරුව තමයි සහේලි සදිත්මා සතරසිංහ. දිගු නිහැඬියාවකට පස්සෙ ඇය අප සමග ‘සකූ’ ගැන කතා කළේ මේ විදියටයි.

‘සකූ’ දිගු නිහැඬියාවකට පස්සෙ නැවත අප අතරට එනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? 

ගොඩක් සතුටුයි. ‘සකූගේ කතාව’ ලෙස මීට කලින් විකාශය වුණු ටෙලි නාට්‍ය මෙවර ‘සකූගේ ලෝකය’ නමින් තමයි විකාශය වෙන්නේ. ‘සකූගේ කතාව’ට වඩා ‘සකූගේ ලෝකය’ ටෙලි නාට්‍ය ලොකු වෙනසක් දැනේවි. ඒ වගේම මමත් දැන් ලොකු ළමයෙක් නිසා කතාවේ සුන්දරත්වය තදින්ම ප්‍රේක්ෂකයන්ට දැනේවි.

ඔබව තවමත් ගොඩ දෙනෙක් දැන හඳුනන්නේ සකූ ලෙසටද? 

ඔව්, ‘සකූ’ ටෙලි නාට්‍ය ඉවර වුණත් ‘සකූ’ චරිතය කාටවත් අමතක වෙලා නැහැ. පාරක තොටක ගියත් මට ‘සකූ’ කියලා තමයි දකින හැමෝම කතා කරන්නේ.

සහේලිට ‘සකූ’ චරිතය දැනෙන්නේ කොහොමද? 

හරිම සංවේදී චරිතයක් විදියට තමයි මට සකූව දැනුණේ. ‘සකූ’ වගේ චරිතයක් කරන්න මම ගොඩක් ආශාවෙන් හිටියේ.

custom_html_banner1

‘සකූගේ කතාව’ තුළ සකූට ආදරය, අනුකම්පාව ලැබුණා. ‘සකූගේ ලෝකය’ තුළින් ඒ දේවල් ඒ විදියටම ලැබේවිද? 

‘සකූ’ ගමේ ඉපදුණු කෙනෙක්. ඒ නිසා චරිතය තුළ වෙනසක් දනින්න ලැබෙන්නේ නැහැ. ඔබ කියනවට වඩා ‘සකූගේ ලෝකය’ ටෙලි නාට්‍ය බලන විට එය තේරුම් ගන්න පුළුවන් වේවි.

‘සකූගේ ලෝකය’ට අමතරව මොනවද ඔබගේ වෙනත් කලා කටයුතු? 

නෙත් එෆ්.එම්. එකේ ගුවන් විදුලි නාට්‍යයකට හඬකවනවා. ඉදිරියේදී ප්‍රියන්ත මාමාගේ ‘මන්දාරා’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ආදරණීය නැන්දා, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගෙන් ලැබෙන සහාය කොයි වගේද? 

ඇය තමයි ධනංජි තාරුකා. නැන්දා මම රඟපාන හැම නාට්‍යයක්ම ආශාවෙන් බලනවා. රඟපාන චරිතය තුළ අඩුපාඩු දැක්කොත් ඒ දේවල් හදාගන්න කියලා මට උපදෙස් දෙනවා. මට නොතේරෙන දෙයක් තිබුණොත් මම නැන්දාටත් කතා කරලා අහලා විස්තර දැනගන්නවා.

ඔය පුංචි වයසට චරිත තෝරාගන්නේ කොහොමද? 

මට තවම එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ. චරිත තෝරාගන්න මගේ අම්මයි තාත්තයි තමයි මුලින්ම පිටපත කියවලා බලන්නේ. මට ගැළපෙන චරිතයක් නම්, අම්මයි තාත්තයි මට අවසර දෙනවා එය රඟපාන්න.

වසන්ත විතාණගේ 

Courtesy – Saaravita 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button