custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

ඒ චරිතයට මඩ ගහනවට කැමැති නැහැ – අපි කරන්නේ රඟපෑමක් කියලා තේරුම් ගන්න ඕනෙ

custom_html_banner1
Spread the love

‘සල්සපු නා’ තුළින් ඇයගේ රංගන දිවියේ සුවිශේෂ තැනක් හිමිකරමින් රංගන චාරිකාවේ දිගු ගමනක් යෑමට සැරසෙන ඇය ‘රාවණා’ තුළින් සූරිය මුඛී ලෙසද, ‘මිහි’ තුළින් පිංකි ලෙසත්, ‘ආලියා’ තුළින් ශෙරීන් ලෙසත්, ‘ධරණි’ ටෙලිනාට්‍යයේ විහංසා ලෙසත් ප්‍රේක්ෂකයන් අතරට ආවා. තවත් නිර්මාණ රැසකම විවිධ චරිත සඳහා ජීවය දුන් ඇය දිලුක්ෂි වීරප්පෙරුම. ඇගේ කලා දිවියේ වගතුග ගැන කතාබහ කරන්නට අප දිලුක්ෂි සමග කෙටි පිළිසඳරක යෙදුණේ මේ විදියට.

දිලුක්ෂි මේ දවස්වල නිර්මාණ කිහිපයකම ඉන්නවා. ඒ ගැන සඳහන් කළොත්?

ඔව්, ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. මිහි, ආලියා, ධරණි කියන නිර්මාණ හරහා එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට සමීප වෙනවා.

ඔබ වඩාත්ම ප්‍රිය කරන චරිතය ගැන කතා කළොත්?

එහෙම සුවිශේෂ චරිතයක් ගැන මට කියන්න බැහැ. නමුත් නිර්මාණ තුනේම චරිතවලට මම කැමැති නිසා තමයි සම්බන්ධ වුණේ. ප්‍රතිචාරත් එකිනෙකට වෙනස් විදියට ලැබෙනවා.

ඔබේ ආදරණීය සහෝදරිය නතර කරපු ගමන් මඟද ඔබ මේ යෑමට සැරසෙන්නේ?

ඔව්, අක්කා නිර්මාණ කිහිපයකම වැඩ කළා. ඇය විවාහයෙන් පස්සේ නිර්මාණ සඳහා යොමු වුණේ නැහැ. ඉතින් අක්කා නිසා තමයි මම මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තේ. ඇයගේ ආශීර්වාදයත් එක්ක මම ඉදිරියට යනවා.

custom_html_banner1

ඔබට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ප්‍රවීණ රංගන ශිල්පියකුගෙන් ලොකු සහායක් ලැබුණු බව ආරංචියි. අපි කැමැතියි ඒ ගැන දැනගන්න?

ජනිත් වික්‍රමගේ අයියා තමයි මාව ‘ගෝත්‍රා’ චිත්‍රපටයට සම්බන්ධ කළේ. අපේ ගෙදර ඇවිත් අපේ අම්මාගෙන් අහලා. පොඩි කාලේ ඉඳලා කලාවට සම්බන්ධ වීමට ආශාවෙන් හිටිය බව අපේ ගෙදර හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා මට ගෙදරින් බලපෑමක් තිබුණෙ නැහැ.මගේ අක්කා තමයි ධනුෂ්කා වීරප්පෙරුම කියන්නේ. ඉතින් අක්කාව මේ ක්ෂේත්‍රයේ ගොඩදෙනෙක් හඳුනනවා.

සිනමාවෙන් පටන්ගත්ත ඔබේ ගමන නතර වෙලාද?

දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘බෆලෝ ට්‍රැවල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම නිරූපණය කරනවා. මා සමග ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රඟපානවා. එය මේ වසරේ තිරගත වෙයි.

දුෂ්ට චරිත නිරූපණය කළාම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය කොයි වගේද?

එවැනි චරිත කළාම ඉතින් බැණුම් තමයි අහන්න සිදුවෙන්නේ. එහෙම බණිනකොට හිතට දුකයි. මොකද අපි කරන්නේ රඟපෑමක් කියලා තේරුම් ගන්න බැරි පිරිසකුත් ඔය අතර ඉන්න නිසා. ආදරණීය චරිතයක් කළාම ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. එකම චරිතයකට කොටුවෙලා ඉන්න මම කැමැති නැහැ.

දිලුක්ෂි ආදරය හංගන්නේ ඇයි?

ආදරය කියන දේ කාටත් පොදු දෙයක්. අනෙකුත් ගැහැනු ළමයකුට දැනෙන හැඟීම් මටත් දැනෙනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයයි, වෘත්තියයි දෙක පටලවාගෙන කටයුතු කරන්න මම කැමැති නැහැ. මොකද ඒ තුළින් මානසිකව පීඩා විඳින්නෙත් අවසානයේ අපිමයි. අපි තැනකට එන්න නම හදාගන්නේ හරිම අමාරුවෙන්. ඒ චරිතයට මඩගහනවාට මම කැමැති නැහැ.

ඔබට එවැනි ප්‍රශ්න මතුවෙලා තියෙනවද?

මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනප්‍රිය වෙනකොට ගොසිප් හොයනවා වැඩියි. ඉතින් දැන් තියාම යන ගමන හරියට පිළිවෙළකට පිරිසිදුව ගියාම කිසිම ප්‍රශ්නයක් නැහැ.

වසන්ත විතාණගේ
Source – Mawratanews.lk

01

02

03

04

05

06

07

08

09

10

11

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button