custom_html_banner1
විදෙස් පුවත්

නවසීලන්තයේ සෑම පාසල් ශිෂ්‍යාවකටම සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ

custom_html_banner1
Spread the love

නවසීලන්තයේ සෑම පාසල් ශිෂ්‍යාවකටම නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ලබන ජූනි මාසයේ සිට මෙය ක්‍රියාත්මක කරන බවයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කළේ.

ආර්ථික අපහසුතා නිසා සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකිවීමෙන් ශිෂ්‍යාවන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු පාසල් වෙත නොපැමිණෙන බව ඇය සඳහන් කළා.

පසුගිය නොවැම්බර් මාසයේ රටේ සියලුම කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දීමට ස්කොට්ලන්තය තීරණය කළ අතර, ඒ සමගම නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දෙන ලොව පළමු රට බවට ස්කොට්ලන්තය පත් වුණා.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button