custom_html_banner1
දේශීය පුවත්

දින 10න් ඇඳන් 10000 පුස්සක් වෙයි – සෑම පැය 6 කට වරක්ම අලුතෙන් ඇඳන් දහසක අවශ්‍යතාවයක්

custom_html_banner1
Spread the love

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට අවශ්‍ය රෝහල් ඇඳන් ප්‍රමාණය දිනෙන් දිනම ඉතා වේගයෙන් ඉහළ යන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. මේ වනවිටත් එය රෝහල් පද්ධතියට දරාගත නො’හැකි මට්ටමට පැමිණ ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ වනවිට සෑම පැය හයකට වරක්ම රෝහල ඇඳන් දහසක් අලුතින් සූදානම් කිරීමේ අභියෝගයකට රෝහල් පද්ධතිය මුහුණ දී සිටින බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ. එය ඉතා නුදුරේදීම සෑම පැය හතරකට වරක්ම ඇඳන් දහසක් අවශ්‍ය වීමේ තත්වය දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව තිබෙන බවද වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මේ නිසා අලුතෙන් ඇඳන් නිෂ්පාදනය කිරීම හරහා වසංගතයට මුහුණදීම ප්‍රායෝගික නොවන බවත්, කළයුත්තේ දැනට තිබෙන ඇඳන් ප්‍රමාණයට වඩා අඩු මට්ටමකට ආසාදිතයන් පාලනය කිරීම බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

වෛද්‍ය සංගම්, සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම පෙන්වා දුන් කරුණු පිළිබඳව අවධානය යොමු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බළධාරීන් කටයුතු නොකිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙන සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ අවම වශයෙන් දින 14 කට හෝ රට වසාදමා වසංගතය පාලනය කළයුතු බවයි.

Courtesy – Lankanewsweb 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button