custom_html_banner1
දේශීය පුවත්

සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට සියල්ල සූදානම්

custom_html_banner1
Spread the love

චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම විසින් හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව සඳහා අනුමැතිය හිමි විය. ඒ අනුව අදාල එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මහනුවර පල්ලෙකැලේ ආශ්‍රිතව ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා.

චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ වනවිට ලොවපුරා කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් තිබෙන අතර මෙරට තුළද එන්නත් සඳහා දැඩි ඉල්ලුමක් තිබෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button