custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

වැඩපිළිවෙලක් නැති විපක්ෂ නායක සජිත්ට ආයෙත් වැඩ වරදියි

custom_html_banner1
Spread the love

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඊයේ (20) දින සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ඇතුළුව තවත් පක්ෂ කිහිපයක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ජයන්තිපුර හන්දිය අසල පැවති උද්ඝෝෂණයට අදාළව නීතිමය ක්‍රියාමර්ග ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට උපදෙස් දී තිබේ.

උද්ඝෝෂණය පැවැත්වීමට පෙර පොලීසියට ලද තොරතුරු අනුව නිරෝධායන නීති අනුව එය පැවැත්වීමට නොහැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කර ඇතත් එය නොසලකා උද්ඝෝෂණය පවත්වා ඇත.

සෞඛ්‍ය නිර්දේශ නොතකා මීටරයේ දුර හෝ නොතබාගෙන සිවිල් ජනතාවට ද අවහිරයක් වන සේ මහජන නියෝජිතයින් විසින් රට තුළ පවතින තත්ත්වය නොසලකා කටයුතු කිරීම ගැන පොලීසිය අධිකරණය කරුණු වාර්තා කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 43202/2021යටතේයි තලංගම පොලීසිය විසින් කරුණු වාර්තා කර ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකා සතු විකාශය වූ සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන කරන ලෙස අධිකරණය පොලීසියට උපදෙස් දී ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button