custom_html_banner1
දේශීය පුවත්

නාගොඩ රෝහලෙන් කොවිඩ් සැක සහිත රෝගීන් 06 ක් පැන ගිහින්

custom_html_banner1
Spread the love

කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා බවට සැක සහිත රෝගීන් 06 දෙනෙකු ඊයේ (20) රෝහලෙන් පැනගොස් ඇති බව වාර්තා වේ. ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් වාට්ටුවේ දැළක් ඉවත් කර ඒ හරහා පැනගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකසහිත 03 වැනි වාට්ටුවේ කාන්තාවන් තිදෙනෙකු හා තවත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ පැනගොස් තිබේ. මේ වනවිට එක් කාන්තාවකගේ පමණක් අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බවත්, කෙසේ නමුත් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බැවින් පැනගිය රෝගීන් කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

නාගොඩ රෝහල් පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button