custom_html_banner1
දේශීය පුවත්

රටටම දින 14 ක දැ’ඩි සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක්

custom_html_banner1
Spread the love

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රටම ආවරණය වන පරිදි දින 14 ක දැ’ඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමය නියෝජනය කරන ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළේ අන්තර් පළාත් සීමා, ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීම් ඇතුළු, දැනට පවතින සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ද කියා සිටියේ ඉහළ යමින් පවතින කොරෝනා ව්‍යාප්තිය අඩු කරගැනීම සඳහා දැ’ඩි සංචරණ සීමා අත්‍යාවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ දින 14 කාලයක් සඳහා රට ව’සා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button