custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මේරියන්ස් නායක නලින් පෙරේරාගේ සුරූපී දියණිය ස්වේතා තාත්තගේ අඩි පාරේ යමින් කියපු දේ

custom_html_banner1
Spread the love

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ප්‍රධානියා විදියට කටයුතු කරන ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල නොමැකෙන සලකුණක් සටහන් කරමින් ගීත කලාව නව ආරෙකට රැගෙන ගිය ගායකයෙක් විදිහට නලීන් පෙරේරාව හදුන්වලා දෙන්න පුළුවන්. තම පියාගේ අඩි පාරේ ඉදිරියට යන ඔහුගේ දියණිය ස්වේතා පෙරේරා ගැන මේ දවස් වල බොහෝ දෙනෙක් කතා බහ කරනවා.

ඉතින් ඒ නිසාම පහුගිය දවසක පුවත් පතක් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. මම මේ දවස් වල මගේ රැකියාවේ වැඩ කටයුතු කරගෙන යනවා. ලොක් ඩවුන් පීරියඩ් එකෙන් පස්සේ දැන් තමයි සාමන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යන්නේ. ලඟදි තාත්තත් එක්ක රුපවාහිනී වැඩසටහනක ගීතයක් ගායනා කරන්න මට අවස්ථාවක් හම්බවුණා. ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්, එහෙම තාත්තිත් එක්ක දෙතුන් පාරක්ම සිංදු කියන්න අවස්ථාව ලැබිලා තියනවා.

ඒක මට ගොඩක් විශේෂයි. ඉදිරියේදී මගේම කියලා තනි නිර්මාණයක් කරන්න මම බලාපොරොත්තුවෙන් වගේම ආසාවෙන් ඉන්නවා. මම යන හැමතැනකම මේරියන්ස් නලීන්ගේ දුව කියලා ඇතැම් මිනිස්සු මාව හදුනා ගන්නවා. එහෙමයි කියලා තාම නමක් හදාගන්න ඕනේ කියන පැත්තට මම යොමු වෙලානම් නැහැ. මගේ හැමදේටම අම්මි, තාත්ති දෙන්නාම පස්සෙන් ඉන්නවා. මගේ හැම දෙකටම ඒ දෙන්නා තමයි මගේ ලොකුම ශක්තිය. ඒ වගේම මගේ ජීවිතේ තීරණ ගනිද්දී. මට ඔවුන් නිදහස දීලා තියනවා. ඒ වගේම ඒ ගන්න තීරණ වලට එයාලා මට උපදෙස් ලබා දෙනවා. සංගීතයට අමතරව මම විශේෂ දේක නියැලෙන්නේ නැහැ.

ඒත් මම කැමති විනෝදාංශයක් විදිහට පොත් කියවන්න, පේන්ට් කරන්න, සිංදු අහන්න වගේම ෆිල්ම්ස් බලන්න. මේ අවුරුද්දේ මැද හරියේදී සංගීත පැත්තෙන් අලුත් දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ නලීන් පෙරේරාගේ ආදරණීය දියණියගේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button